ඇවන්ගාඩ් සභාපතිට මාර්තු 1දා තෙක් රට යන්න උසාවිය අවසර දෙයි

  👤  2596 readers have read this article !
By mawbima 2017-10-23

කේ. එස්. උදයකුමාර්

රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට ලබන මාර්තු මස 1දා තෙක් විදේශ ගත වීමට කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නේය.
ඒ අනුව විත්තිකාර සේනාධිපති මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපකරයක් මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නඩුව විභාගයට ගන්නා සෑම නඩු දිනයකම විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටීම අනිවාර්ය බවද ප්‍රකාශ කළේය.
එම කොන්දේසිය විත්තිකරු විසින් පිළිපැදීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළ විනිසුරුවරයා එය උල්ලංඝනය කරනු ලැබුවොත් ඉදිරියේදී විදේශ ගත වීම සඳහා කරනු ලබන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවද අනතුරු අඟවා සිටියේය.

නාවික හමුදාව මඟින් සිදුකරනු ලබන ආරක්ෂක මෙහෙයුම් ඇවන්ගාඩ් සමාගම වෙත ලබා ගැනීම සඳහා එහි සභාපති නිශ්ශංක යාපා සේනාධිපති විසින් රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති ලෙස ක්‍රියා කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355ක අල්ලසක් ලබාදීම හා එය ලබා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම නිශ්ශංක යාපා සේනාධිපති හා පාලිත ප්‍රනාන්දු යන දෙදෙනා විත්තිකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්