වෙලේ සුදාගේ බාල සොහොයුරා හෙරොයින් සමඟ දෙහිවලදී දැලේ

  👤  2657 readers have read this article !
By mawbima 2017-10-23

කොළඹ - එම්.සී. පෙරේරා / කොට්ටාව - එච්. චාමින්දි

මරණීය දණ්ඩනයට නියමව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදාගේ බාල සොයුරා හොරොයින් මිලිග්‍රෑම් 560ක් සමඟ දෙහිවල පොලිසිය මඟින් දෙහිවල - කඩවත පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.එච්.ඩී. මධුසංඛ මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු හමු වූ බව පොලිසිය කියයි.
තිස් හතර වියැති සැකකරු දෙහිවල කඩවත පාරේ පදිංචිකරුවෙකි. සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon