ලිට්රෝ හිටපු සභාපති ශලීලගේ ඥාති සොයුරු චූලපාල ද සිල්වා 25දා තෙක් රිමාන්ඩ්

  👤  2617 readers have read this article !
By mawbima 2017-10-23

අමිල අබේරත්න

තායිවානයේ පිහිටි ෆා ඊස්ටන් බැංකුවට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇමෙරිකානු ඩොලර් 1,103,960ක මුදලක් (රුපියල් 168,905,880ක්) කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහගේ ඥාති සොහොයුරකු වන චූලපාල ද සිල්වා නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මේ මස 25දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් ලිට්රෝ හිටපු සභාපති ශලීල මුණසිංහ යන අයට සහාය දැක්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුබෝවිල ප්‍රදේශයේ ඔහුට අයක් නිවෙසක සිටියදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්