විද්‍යා දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගත් විමර්ශන නිලධාරීන් 33කට මුදල් තෑගි

  👤  2638 readers have read this article !
By mawbima 2017-10-23

චාමර අමරසූරිය
ඡායාරූපය - දුමිදු වනිගසේකර

යාපනය, කයිට්ස් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන සාර්ථක විමර්ශනයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 33 දෙනකු වෙත මුදල් ත්‍යාග පිරිනැමීම නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා විසින් සිදු කරන ලදී.
මෙම විමර්ශනය සිදු කළ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු විමර්ශන නිලධාරීන්ට මෙම මුදල් ත්‍යාග පිරිනමන ලදී.
රුපියල් පහළොස් ලක්ෂ ‍ෙදාළොස් දහස් පන්සියයක මුදලක් මෙලෙස එම නිලධාරීන් අතර බෙදා දෙනු ලැබීය.

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැති එම උත්සවයේදී ඇමැතිවරයා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ත්‍යාගය පිරිනැමූ අවස්ථාව මෙහි දැක්වේ.
මෙම උත්සවය සඳහා නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර, පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්