ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 7කට එරෙහි නඩුවේ උද්ධෘත නීතිපතිට

  👤  2590 readers have read this article !
By mawbima 2017-10-23

අමිල අබේරත්න

ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් වටරැක විජිත හිමියන් විසින් කොළඹ නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණේ යැයි මුස්ලිම් ආගමික සංවිධාන කිහිපයක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු එම සංවිධානයේ සාමාජිකයන් 7 දෙනකුට පවරා ඇති නඩුව සම්බන්ධයෙන් විමර්ශන අවසන් කොට උද්ධෘත නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
ගලගොඩඅත්තේ ඥානසාර, විතාරන්දෙණියේ නන්ද, වැල්ලම්පිටියේ සුමන ධම්ම, ආරියවංශගම සමිත්ත, හිරිගල් පොත්තේ නන්දසාර යන හිමිවරු ඇතුළු පානීවෑවල, ගුණවර්ධන යන පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය නඩු පවරා ඇත.

මුස්ලිම් ආගමට සහ කුරානයට අපහාස වන පරිදි මාධ්‍යයට ප්‍රකාශ සිදු කළේ් යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ විමර්ශනද අවසන් කොට උද්ධෘත නීතිපති උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටිනු ලැබීය
නීතිපති උපදෙස් සඳහා දෙසැම්බර් 7දා නඩු දෙක කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්