රට තුළ මැලේරියා අවදානමක් නෑ

  👤  2581 readers have read this article !
By mawbima 2017-10-23

ආරියරත්න ගනේගොඩ

රට තුළ යළි මැලේරියා රෝගය පැතිර යෑමේ කිසිදු අවදානමක් නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.
උතුර හා නැඟෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලින් මැලේරියා මදුරු වාහකයන් හමුවීමත් සමඟ රට තුළ යළි එම රෝගය පැතිර යෑමේ අවදානමක් මතුව තිබෙන බව කීට විද්‍යාඥ නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් මව්බිම කළ විමසීමකදී සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීවේ වාහක මදුරුවන් හමුවූ පමණින් යළි මැලේරියා රෝගය ව්‍යාප්ත විය හැකි බවට ප්‍රකාශ කළ නොහැකි බවයි.

ආවේක්ෂණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බැවින් රෝගය බෝවීමේ හැකියාව අවම බවද මෙහිදී ප්‍රකාශ විය. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කරන ලද්දේ 2016 වසරේදීයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්