බන්ධනාගාරයේ දී සරණගෙන් ප්‍රකාශයක් ලබාගන්න කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමට උසාවියෙන් අවසර

  👤  2615 readers have read this article !
By mawbima 2017-10-23

අමිල අබේරත්න

පසුගිය රජය සමයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ලීසිං පදනම මත මිලදී ගනු ලැබූ කැබ් රථයක් පෞද්ගලික පාවිච්චිය සඳහා යොදාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති හා හිටපු ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගෙන් සිද්ධියට අදාළව බන්ධනාගාරය තුළදී වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය අවසර ලබා දුන්නාය.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් භාවිත කළේ යැයි කියන කැබ් රථය මේ වන විට අතුරුදන් වී ඇති අතර මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ කැබ් රථය තමන් විසින් ලියකියවිලි ඉදිරිපත් කරමින් මිලදී ගනු ලැබූවත් එය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිපාලන නිලධාරිවරයා වෙත භාර දුන් බවත්ය.

එම නිලධාරියා මේ වන විට මියගොස් ඇති බව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්