ත්‍රිමාවිතාන සැමරුම අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී

  👤  2655 readers have read this article !
By mawbima 2017-10-23

සවනි ශේෂාධි

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ සටනේදී ජීවිතය අහිමි වූ පද්මසිරි ත්‍රිමාවිතාන සැමරුම අද (23දා) දිනය පුරා කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඇති සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ විරෝධතා අට්ටාලය අසලදී පැවැත්වේ.

'ත්‍රිමා සැමරුම' මෙවර පැවැත්වෙන්නේ 29 වැනි වරටය. ශිෂ්‍ය අරගල ඉතිහාසයේ ඡායාරූප සහ විස්තර ඇතුළත් ප්‍රදර්ශන කුටියක්, ශිෂ්‍ය වීර ගී ප්‍රසංගයක් සහ සැමරුම් දේශන කිහිපයක් 'ත්‍රිමා සැමරුම්' උළෙලට ඇතුළත් බව අන්තර් විශ්විවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු මංගල මද්දුමගේ පැවැසීය.
පද්මසිරි ත්‍රිමා විතානගේ සමකාලීන මිතුරු මිතුරියන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය අරගලවලදී ජීවිත අහිමි වූ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ මවුපියන්, ඥාතීන්, විශ්වවිද්‍යාල සිසුන්, භික්ෂුන් වහන්සේ, සිවිල් ක්‍රියාකාරීන්
ඇතුළු බොහෝ පිරිසක් 'ත්‍රිමා සැමරුම'ට එක්වීමට
නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්