මිතුරා ඝාතනය කර රුපියල් 80,000ක් සොරාගෙන ගිය අයෙක් අත්අඩංගුවට

  👤  2681 readers have read this article !
By mawbima 2017-10-23

දමුණුපොළ - චමින්ද ජයලත්

මිතුරාගේ ගෙල සිරකර ඝාතනය කොට ඔහු සතුව තිබුණු රුපියල් අසූ දහසක් සොරකම් කර සැඟව සිටි පුද්ගලයකු පෙරේදා (21දා) කෑගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසලක සේවය කළ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි විවාහකයෙකි.
මෙම පුද්ගලයා අදාළ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසලක කම්කරුවකු ලෙස සේවය කරමින් එම ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසලේම තවත් අවිවාහක 35 හැවිරිදි අයකු සමඟ නැවතී සිටි බව පොලිසිය කියයි.

සැකකරු ඉකුත් 19දා රාත්‍රි
වෙළෙඳසලට ගොස් මියගිය තැනැත්තා සමඟ කතාබස් කර 20දා අලුයම ඔහු ඝාතනය කොට අල්මාරියේ තබා තිබූ රුපියල් 80,000කට ආසන්න මුදලක් සොරාගෙන පලාගොස් ඇත. එදින උදේ වෙළෙඳ සලේ හිමිකරු පැමිණ පරීක්‍ෂා කර බැලීමේදී සුනිමල් නමැති පුද්ගලයා නිදා සිටි ඇදෙම ඝාතනය කර ඇති බව හඳුනාගෙන කෑගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

කෑගල්ල මහෙස්ත්‍රාත් ගිහාන් මීගහගේ මහතා අදාළ ස්ථානයට ගොස් මූලික පරීක්‍ෂණ සිදුකර මෘත දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස නියෝග කළේය. කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස්
පරීක්‍ෂක අනුර පක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමක් පානදුර කිරම ප්‍රදේශයට ගොස් සැකකරු
පෙරේදා 21දා අත්අඩංගුවට ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්