මුදල් ඉල්ලා බන්ධනාගාර අධිකාරිට පහර දුන් අයෙක් රිමාන්ඩ්

  👤  2619 readers have read this article !
By mawbima 2017-10-23

කුමුදු උපුල් ශාන්ත

මැගසින් බන්ධනාගාර අධිකාරි සුමිත් රංජන් මහතාට පන්නිපිටිය ප්‍රදේශයේදී පිහියකින් ඇන තුවාල සිදු කළ බව කියන පුද්ගලයකු මහරගම පොලිසිය මඟින් පෙරේදා (21දා) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පහරදීම පෙරේදා (21දා) පස්වරුවේ පන්නිපිටිය ගුවන් පාලම ආසන්නයේදී සිදුව ඇති බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයා කලක් විදේශගතව සිට පැමිණ පන්නිපිටිය ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටින අයකු බවත් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
බන්ධනාගාර අධිකාරිවරයා සිය මෝටර් රථයෙන් බැස පාර මාරුවීමට යමින් සිටි අවස්ථාවේ ඔහු අසලට පැමිණ ඇති සැකකාර පුද්ගලයා අධිකාරිවරයාගෙන් මුදල් ඉල්ලා එසේ පහරදී ඇති බවද අනාවරණය වෙයි.

තමන්ට පහරදුන් පුද්ගලයාව බන්ධනාගාර අධිකාරිවරයා ඒ අවස්ථාවේදීම අල්ලාගෙන පසුව මහරගම පොලිසිය වෙත භාරදී ඇත. තුවාලලත් අධිකාරිවරයා මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අත්අඩංගුවට ගත් සැකකරු මහරගම පොලිසියේ කොස්තාපල් ලක්මාල් (73034) මහතා විසින් නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (23දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්