අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට ජංගම අලෙවි රථ අද සිට

  👤  2609 readers have read this article !
By mawbima 2017-10-23

ලක්ෂ්මී ජයකොඩි

සහල්, පොල් ඇතුළු පාරිභෝගික ජනතාවට එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහසුමිලට ලබාදීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ජංගම අලෙවි රථ යෙදූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ජීවන වියදම් කමිටුවේදී ගත් තීරණයකට අනුව සමුපකාර තොග වෙළෙද සංස්ථාව හරහා මෙම කටයුත්ත ආරම්භ කර ඇති අතර ප්‍රධාන දුම්රිය ස්ථාන හා සතිපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රථම අදියරේදී මෙය ක්‍රියාවට නැංවේ.

මේ යටතේ අද සිට සිකුරාදා දක්වා ගම්පහ, රාගම, මරදාන, කොටුව යන දුම්රිය ස්ථානවලදී හා සෙනසුරාදා ඉරිදා දින දෙකේ වේයන්ගොඩ, මිනුවන්ගොඩ, රාගම, මහරගම, හෝමාගම, දෙල්කඳ යන සතිපොළවල්වලදී මෙන්ම ගනේමුල්ල දුම්රිය ස්ථානයේදීද මෙම ජංගම අලෙවි රථ මඟින් පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි අමාත්‍යවරයා පවසයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් වැඩි කරමින් ජනතාව සූරා කන වෙළෙඳුන්ගෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා නතර කිරීමට මෙම පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්