පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ පරාජයට පත් කරනවා

  👤  2647 readers have read this article !
By mawbima 2017-10-23

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන්නේ නම් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ පරාජයට පත් කිරීමට සිදු වන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පළමුව ක්‍රියාත්මක කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළ බවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම් හා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළ පසුපසට විසිකර දමන්නේ නම් මැතිවරණ ක්‍රම වෙනස් කිරීමෙන් පලක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
මැතිවරණ ක්‍රම වෙනස් කිරීමට පමණක් ජනතාව ජනවරමක් ලබාදී නොමැති බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හැට දෙලක්ෂයේ ජනවරමේ මූලික ඉල්ලීම බවද ඔහු සිහිපත් කළේය.

මෙවැනි වාතාවරණයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාළව කිසියම් සංශෝධනයක් ඉදිරිපත් වන්නේ නම් එම යෝජනා පරාජයට පත් කිරීමටත් ඊට තුනෙන් දෙකක බලයක් ලබා නොදීමට මැදිහත් වීමට සිදුවන බවත් අමාත්‍යවරයා පවසයි.

ආණමඩුව පරමාකන්ද පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවැරීම වෙනුවෙන් ඊයේ (22දා) පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්