ආණ්ඩුව මහා සංඝරත්නයත් භේද කිරීමට සැලසුම් කරනවා

  👤  2661 readers have read this article !
By mawbima 2017-10-23

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
ආණ්ඩුව සැලසුම් සහගතව මහ

සංඝ රත්නයත් භේදබින්න කිරීමේ සැලසුමක් දියත්කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි. මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ හම්බන්තොටදී ඉකුත්දා පැවැති විරෝධතාවයෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අයගේ පවුල්වල සුවදුක් බැලීම සඳහා පෙරේදා (21දා) අම්බලන්තොට ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිනි.

'වර්තමාන ආණ්ඩුව තෛ්‍රනිකායික මහනායක හිමිවරුන් ලෙස සලකන්නේ රත්නප්‍රිය මහත්තයයි, ගාමිණි වියන්ගොඩ මහත්තයයි, නෙවිල් ප්‍රනාන්දු මහත්තයයි තමයි. මොකද එතුමන්ලාගෙන් තමයි උපදෙස් ගන්නේ.'

'අපි පුංචි කාලේ ඉගෙන ගත්තා ආනන්තරිය පාපකර්ම. ඉන් එකක් තමයි සංඝ භේදය. ආණ්ඩුව සැලසුම් සහගතව පූජනීය මහ සංඝයා භේදබින්න කිරීම සඳහා යම් කුමන්ත්‍රණයක් දියත් කරලා තියෙනවා. එතුමන්ලාගෙන් මේ එළියට පැන්නේ ඒක.'

ඒ වගේම මේ ආණ්ඩුවේ ත්‍රිවිධ රත්නය වන්නේ අධිකරණ නියෝග, කඳුළු ගෑස්, ජල ප්‍රහාර. මේක තමයි මේ ආණ්ඩුවේ ත්‍රිවිධ රත්නය.
කවුරු මොනවා කතා කළත් මේ රටේ නිදහස වෙනුවෙන් මේ භූමියේ නිදහස වෙනුවෙන් මේ ගෙනියන අරගලය කඳුළු ගෑස්වලින්, ජල ප්‍රහාරවලින් කුලීහේවායන්ගෙන් නතර කරන්න පුළුවන් කමක් නැති බවද මන්ත්‍රිවරයා කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්