විශ්‍රාම දිවියට එළැඹි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ජයන්ත ප්‍රේමදාස මහතාට සුබපැතුම්

  👤  1771 readers have read this article !
By mawbima 2017-10-22

වර්ෂ 1987 පෙබරවාරි දින කෑගල්ල ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුවේ අධීක්ෂණ නිලධාරියකු ලෙස බැංකු සේවයට එක්වූ ජයන්ත ප්‍රේමදාස මහතා දිප්පිටිය, බුලත්කොහුපිටිය ශාඛාවන්හි ශාඛා කළමනාකරුවකු ලෙස කටයුතු කර ඇත. වර්ෂ 1993 සිට 1999 දක්වා කෑගල්ල ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුවේ විගණන, පරිපාලන සහ මූල්‍ය අංශයන්හි අංශ ප්‍රධානි ලෙස කටයුතු කරන ලදී.

වර්ෂ 1999දී දිස්ත්‍රික් බැංකු ඒකාබද්ධ කර පිහිටුවන ලද සබරගමුව සංවර්ධන බැංකුවේ මූල්‍ය සැලසුම්, මෙහෙයුම් සහ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරමින් විශාල මෙහෙවරක් ඉටු කරන ලදී. එවකට පළාත් බැංකු පරිගණක ගත කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඒ මහතා දෙස් විදෙස් බැංකුකරණය පිළිබඳ පුහුණු හා අත්දැකීම් සමුදායක් ලබාගත් අයෙකි.

2010 වර්ෂයේ ජූලි 15 දින ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීමෙන් අනතුරුව ප්‍රධාන කාර්යාලයේ මූල්‍ය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරි ලෙස පත්විය. වර්ෂ 2010 සැප්තැම්බර් මස 1දා මධ්‍යම පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරි ලෙස වැඩ භාරගත් ඒ මහතා වර්ෂ 2012 මැයි මාසයේදී ජේ‍යෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරි මූල්‍ය හා සැලසුම් ලෙස කටයුතු කරමින් බැංකුවේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් සපයන ලදී. 2017 ඔක්තෝබර් මස 17දා විශ්‍රාම දිවියට පිවිසි ඒ මහතාට ඔහුගේ විශ්‍රාම දිවිය සුබ වීමට ආසිරි පතමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්