සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම මොබිටෙල් සමඟ එක්වී තම ගනුදෙනුකරුවන්ට ථඛ්චඵඩ සේවාවන් හඳුන්වා දෙයි

  👤  1759 readers have read this article !
By mawbima 2017-10-22

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සේවා සම්බන්ධ පුරෝගාමියා වන සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, මෙරට ජාතික ජංගම දුරකතන සේවා සම්පාදකයා වන මොබිටෙල් සමඟ තාක්ෂණික හවුල්කාරීත්වයක් ඇති කරගැනීමට පසුගියදා කටයුතු කළේය. මොබිටෙල් හඳුන්වා දී ඇති ජනප්‍රිය තාක්ෂණික මූල්‍ය සේවා පදනමක් වන ථඛ්චඵඩ සේවාව සර්වෝදය සමාගමේ ගනුදෙනුකරුවන්ට හඳුන්වා දීම මෙහි මූලික අරමුණ වී තිබේ. ඒ අනුව එම සමාගම මෙරට ථඛ්චඵඩ සේවාව භාවිත කිරීම ආරම්භ කරන ප්‍රථම මූල්‍ය සමාගම් කිහිපය අතරට එක්වනු ඇත.

මීට පෙර "දේශෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් කම්පනි ලිමිටඩ්" (ච්ඥඵඩධඤචරචච ච්ඥමඥතධනථඥදබ ජ්ඪදචදජඥ ඛ්ධථනචදර ඹ්ඪථඪබඥඤ) ලෙස හැඳින්වුණු සර්වෝදය ෆිනෑන්ස් සමාගම පසුගිය දශක 3ක කාලය තුළ සුවිශාල වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. ජාත්‍යන්තර කීර්තිය දිනූ සමාජ සුබසාධන සංවිධානයක් වන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයට අනුබද්ධ සමාගමක් වන එහි මූලික ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ බිම් මට්ටමින් මූල්‍ය සේවාවන් ලබාදීමය. මෙරට බැංකු සේවාවන් ලබාගැනීමට දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවටද එම සේවාවන් ලබාදීමේ අරමුණ ඇතිව තම සේවාවන් රට පුරා ව්‍යාප්ත කිරීමට සර්වෝදය ෆිනෑන්ස් සමාගම කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි සේවාවක් වන ථඛ්චඵඩ භාවිත කිරීම ආරම්භ කිරීමත් සමඟ සර්වෝදය ෆිනෑන්ස් සමාගමේ ණය වාරික එකතු කිරීම් වඩාත් කාර්යක්ෂම වීමට උපකාරි වනු ඇත. එමෙන්ම ථඛ්චඵඩ සේවාව මඟින් සර්වෝදය ෆිනෑන්ස් සමාගමේ ගනුදෙනුකරුවන්ට සතියේ ඕනෑම දිනක තමන් කැමැති වෙලාවක ඉතාමත් සුරක්ෂිත ඩිජිටල් පදනමක් මත ගනුදෙනු කිරීමේ හැකියාව ලැබේ. මෙම සෑම ගනුදෙනුවක් සම්බන්ධයෙන්ම අදාළ ගනුදෙනුකරුට ඉර්ඉ පණිවුඩයක් ලැබෙනු ඇත.

මෙම නව පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධර්මසිරි වික්‍රමරත්න මහතා පැවැසුවේ ඩිජිටල්කරණය යනු ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත ලෝකයේම වැදගත් ඉදිරි පියවරක් වන බවයි. මෙම නව හවුල්කාරීත්වය ඔස්සේ ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් රටේ බැංකු සේවාවන් අහිමි දුර අෑත ප්‍රදේශවල ජනතාව වෙතද සමීප වීමට තමන්ට හැකියාව ලැබෙන බවත් එමඟින් සර්වෝදය ෆිනෑන්ස් සමාගම රටේ මූල්‍ය ක්ෂේත්‍රයට පැහැදිලි ආදර්ශයක් සපයන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

"ශ්‍රී ලංකාවේ බැංකු සේවාවන් භාවිත කරන ගනුදෙනුකරුවන් සම්බන්ධ දත්ත පරීක්ෂා කිරීමේදී එම සංඛ්‍යාවන් ප්‍රමාණවත් නොවන බව අපට පෙනී යනවා. මීට ප්‍රධාන හේතුව වන්නේ බැංකු ශාඛාවක් හෝ සේවා මධ්‍යස්ථාන ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත වී නොතිබීමයි. එම නිසා ශ්‍රී ලංකාවේ අෑත ප්‍රදේශවල අපගේ ශාඛාවන් ස්ථාපිත කරමින් සහ නවීන තාක්ෂණය ඔස්සේ අපගේ සේවාවන් දිවයින පුරා ව්‍යාප්ත කරමින් රටේ සියලුම ජනතාව වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීම සම්බන්ධ දැක්ම යථාර්ථයක් බවට පත් කරවීම අපගේ ඉලක්කය වී තිබෙනවා." ධර්මසිරි වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්