සෙලින්කෝ ලයිෆ් 2016 වාර්ෂික වාර්තාවට ටෝකියෝ සම්මාන ප්‍රදානයේදී ඒඅඛ් සම්මාන ත්‍රිත්වයක්

  👤  1773 readers have read this article !
By mawbima 2017-10-22

වාර්ෂික වාර්තාවන්ගේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ලෝකයේ තිබෙන විශාලතම සහ ගෞරවනීය තරගයක් ලෙසින් සැලකෙන ඒඅඛ් සම්මාන ප්‍රදානයේ ටෝකියෝ නුවර පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2016 වසරේ වාර්ෂික වාර්තා සම්මාන තුනක් දිනාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහිදී 'ජ්ඪදචදජඪචත ච්චබච' කාණ්ඩය යටතේ රිදී සම්මානයක් දිනාගත් අතර 'එපඪබබඥද ඊඥයබ' සහ 'ධ්දබඥපචජබඪමඥ ඒදදභචත අඥනධපබ' යන කාණ්ඩ දෙක යටතේ ගෞරව සම්මාන දෙකක් දිනාගත්හ. මෙය පසුගිය වසරේදී සමාගම මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී දිනාගත් සම්මාන දෙක සමඟ සැසඳීමේදී ඉහළ ජයග්‍රහණයකි.

ර්ඥපඛ්ධථථ ධ්දජ. විසින් පවත්වනු ලබන ඒඅඛ් සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මාන ලබාදීම සඳහා සලකා බලන්නේ නිර්මාණශීලීත්වයේ වටිනාකම්, සරල බව, කාර්යක්ෂමතාව සහ විශිෂ්ටත්වය යන කරුණු වන අතර ඒ වෙනුවෙන් වාර්ෂික වාර්තාවන්ගේ කවර නිර්මාණය, සභාපතිවරයාගේ ලිපිය, ඇතුළත සැලසුම, අකුරුවල පැහැදිලිභාවය, ඡායාරූප, ආයතනික තොරතුරු ඉදිරිපත් කර තිබෙන ආකාරය, මූල්‍ය දත්ත විස්තර කර තිබෙන ආකාරය සහ ආයතනයේ ජීවගුණය ඉදිරිපත් කර තිබෙන ආකාරය යන කරුණු සැලකිල්ලට ගනී.

මෙහිදී, වැඩිම ලකුණු ලබාගත් වාර්ෂික වාර්තා 30% සඳහා ගෞරව, ලෝකඩ, රිදී සහ රන් සහතික ප්‍රදානය කරන ලදී.
'ඒඅඛ් සම්මාන ප්‍රදානෝත්සවයේදී පිට පිටම දෙවැනි වසර සඳහාත් ගෞරවනීය සමාගම් අතරට තේරීපත්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා.' යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ආර්. රෙන්ගනාදන් මහතා පැවැසීය. 'අපි සෑම අවස්ථාවකදීම ඒඅඛ් සම්මාන සඳහා සලකා බලන මූලික මූලධර්ම සඳහා අනුගත වූ අතර සමාගමක සන්නිවේදන කාර්ය සඳහා එහි වාර්ෂික වාර්තාව ප්‍රබල දායකත්වයක් ලබාදෙනවා. මේ තුළින් අනිවාර්යයෙන්ම පෙන්වන්නේ සියලු කොටස්කාර පාර්ශ්වයන් වෙත සමාගම දක්වන අවංකත්වය සහ විනිවිදභාවයයි.'

'ඔබගේ ජීවිත රක්ෂණ සහකරු හඳුනාගන්න' (ම්දධඹ කධරප ඹ්ඪටඥ ධ්දඵභපඥප) යන තේමාවෙන් යුක්තව සෙලින්කෝ ලයිෆ් සමාගමේ පිටු 297කින් යුක්ත කාබන් උදාසීන 2016 වාර්ෂික වාර්තාව එළිදක්වා තිබෙන්නේ 2011 අංක 03 දරන රක්ෂණ කර්මාන්ත නියාමන (සංශෝධිත) පනතේ 53 වන උප වගන්තියට අනුව ජීවිත රක්ෂණ කටයුතු සහ සාමාන්‍ය රක්ෂණ කටයුතු පසුගිය වසරේ සිට වෙන්කර පවත්වාගෙන යායුතු යැයි නීතිගත කිරීමෙන් පසුව එළිදැක්වූ දෙවැනි වාර්ෂික වාර්තාව ලෙසයි. මෙම වෙන්කර පවත්වාගෙන යෑම ක්‍රියාත්මක වූයේ 2015 වසරේ සිටයි.
ස්මාර්ට් මීඩියා ආයතනය විසින් මෙම වාර්තාව සකස් කර තිබෙන්නේ ස්මාර්ට් ඒකාබද්ධතා වාර්තාකරණ ක්‍රමවේදය, ජාත්‍යන්තර ඒකාබද්ධතා වාර්තාකරණ රාමුව සහ මාර්ගෝපදේශයන් මෙන්ම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ මාර්ගෝපදේශනයන් භාවිත කරමිනි.
මෙම සම්මාන ප්‍රදානය කළ ර්ඥපඛ්ධථථ ධ්දජ. සන්නිවේදන ක්ෂේත්‍රයන්හි විශිෂ්ටතා ප්‍රමිතීන් අර්ථ දැක්වීමට සහ තම ආයතන හෝ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට දායකත්වයක් දක්වන පුද්ගලයන් ඇගයීම සඳහා තිබෙන ලොව එකම ස්වාධීන සම්මාන ආයතනයයි. ර්ඥපඛ්ධථථ සම්මාන වැඩසටහන එහි ස්වාධීන තෝරාගැනීමේ ක්‍රමවේදය හේතුවෙන් ලෝකය පුරා කීර්තියට පත් වී තිබේ.

අඛණ්ඩව හතර වැනි වරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස්, සෙලින්කෝ ලයිෆ් 2017 වසරේ මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස තෝරාගත් අතර සමාගම සක්‍රිය රක්ෂණ ඔප්පු මඟින් ජීවිත ලක්ෂ 10කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධන සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්