ලංකා බැංකු වරකාපොළ ශාඛාවෙන් ශිෂ්‍යත්ව හපනුන්ට ශුභාශිංසන

  👤  1773 readers have read this article !
By mawbima 2017-10-22

ලංකා බැංකු වරකාපොළ ශාඛාවේ කාර්ය මණ්ඩලය විසින් 5 ශේ්‍රණිය ශිෂ්‍යත්වයෙන් සමස්ත ලංකා 2 වැනි ස්ථානය දිනාගත් සංජන නයනජිත් ශිෂ්‍යයාට ඔහුගේ එම විජයග්‍රහණය වෙනුවෙන් සුභාශිංසන පිරිනැමීම සිදු කළේය. ලංකා බැංකුව නොබෝ දිනකින් 5 වසර ශිෂ්‍යත්ව ජයග්‍රාහකයන් සියලු දෙනා හට සුභාශිංසන එක් කරමින් එම විභාගයේදී විශිෂ්ට හපන්කම් දැක්වූ සිසුන් හට වර්ණවත් වූ ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙලකදී එකක් රු. 15,000 බැගින් වූ ශිෂ්‍යත්ව තිළිණ ප්‍රදානය කිරීම සිදුකරනු ඇත. සමස්ත ලංකා 1 වැනි, 2 වැනි හා තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් රු. 100,000, රු. 75,000 සහ රු. 50,000 බැගින් පිරිනැමෙනු ඇත.

සංජන නයනජිත් (මැද) පෙරටුකොට ගෙන ඔහුගේ මවුපියන් වන ටී. එම්. ප්‍රියන්ත ජයරත්න මහතා සහ වයි. පී. ශ්‍රියානි මංගලිකා දමයන්ති මහත්මියද ඔහුගේ පාසලේ උප විදුහල්පති සහ පන්ති භාර ආචාරිනි ඒ. ඒ. සී. අයි. අතාවුද මහත්මිය සහ ඩබ්. ආර්. එස්. සී. විජේරත්න මහත්මියද ලංකා බැංකු ප්‍රදේශ කළමනාකරු කෑගල්ල ප්‍රදේශය 1 කේ. එස්. ජයතිස්ස මහතාද වරකාපොළ ශාඛා කළමනාකරු එම්. ජී. එස්. එන්. මහගම මහත්මියද අනෙකුත් බැංකු නිලධාරීහුද ඡායාරූපයේ වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්