විශ්‍රාම වැටුප දැන් ඕනෑම දිනකදී ලබාගන්න

  👤  1863 readers have read this article !
By mawbima 2017-10-22

මෙරට වෙනුවෙන් කලක් තිස්සේ සිය ශ්‍රමය කැපකර අද විවේක සුවයෙන් ජීවත් වන විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් පෑන් ඒෂියා බැංකුව ඉදිරිපත් කළ 'සම්මාන' ගිණුම අද වන විට ඉතා ජනප්‍රිය තත්ත්වයට පත්වී තිබේ. මෙබැවින් මෑතකදී මෙම ගිණුමට තවත් වාසිදායක අංග රැසක් එකතු කරනු ලැබුණු අතර එම බැංකුවේ අලෙවි සහ පාරිභෝගික බැංකු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නාලක විජයවර්ධන මහතා සමඟ මේ සාකච්ඡාව පැවැත්වූයේ ඒ නිමිත්තෙනි.

සම්මාන විශ්‍රාමික ණය යෝජනා ක්‍රමය යනු කුමක්ද?

මෙයට වසර කිහිපයකට කලින් විශ්‍රාමිකයන්ට ණය දීමට බැංකු මැළි වුණා. පෑන් ඒෂියා බැංකුව තමයි සම්මාන විශ්‍රාමික ණය යෝජනා ක්‍රමය යටතේ රටටම මේ ආදර්ශය ලබාදුන්නේ. කාලයක් තිස්සේ රටට ඉමහත් සේවයක් කළ මේ පිරිසගෙන් රටට තව ලබාගැනීමට සේවයක් ඇති බවත් ආර්ථිකයට එය ඉතාම වැදගත් බවත් අපට වැටහුණා. එමෙන්ම කිසිවකුට බරක් නොවී සිය ජීවිත ඉදිරියට ගෙන යෑමට ඔවුනට අභිලාෂයක් මෙන්ම හැකියාවක්ද ඇතැයි අපිට හොඳින්ම වැටහුණා. එම කාරණා හේතු කොටගෙනයි සම්මාන ණය යෝජනා ක්‍රමය අපි ආරම්භ කළේ. විශ්‍රාම වැටුප පෑන් ඒෂියා බැංකුවට හැරවීමෙන් පසුව එයින් අය කරගන්නා පදනම මත රුපියල් මිලියන 2ක් දක්වා ණයක් ගන්න මේ යටතේ පුළුවනි. ආපසු ගෙවීමේ කාලය වසර 10ක් දක්වා ලබාගත හැකි වීම තවත් විශේෂ කරුණක්.

මේ වැඩපිළිවෙළ යටතේ මෙතෙක් ඇතිවූ ප්‍රගතිය මොන වගේද?

මේ වන විට විශාල ණය පහසුකම් ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. එයින් බොහෝ දෙනෙක් ස්වයං රැකියා පටන්ගෙන විශ්‍රාම දිවියට අමතර ආදායමක් එකතු කරගෙන තිබෙනවා. කාටත් බරක් නොවන මේ අයට ඇතැම් විට තම දරුවන්ටත් සවියක් වීමට හැකිවීමත්, රටේ ආර්ථිකයට දායක වීමට හැකි වීමත් ගැන අපටත් මහත් අභිමානයක් ඇති වෙනවා.
මේ අතර තම දරුවන්ගේ විවාහ උත්සව වැනි යුතුකම් ඉෂ්ට කිරීමට මෙම ණය ලබාගන්නා අයත් ඉන්නවා. තවත් සමහර අය වන්දනා ගමන් යෑමටත් මේ ණය ක්‍රමයේ සේවය ලබා ගන්නවා. මෙහි ඇති අනිත් විශේෂත්වය තමයි ණය ලබාගැනීමේදී ඔවුන්ට හිමිවන රක්ෂණ ආවරණය. මේ නිසා යම් විදියකින් සම්මාන ගනුදෙනුකරුවකු මියගියත් කිසිදු ණය බරක් පවුලේ අනිත් අයට ඉතුරු වන්නේ නැහැ.

මේ ණය ක්‍රමයට මෑතකදී හඳුන්වා දුන් නව පහසුකම් මොනවාද?

විශ්‍රාම වැටුප ලැබෙන්නේ මාසයේ යම් නිශ්චිත දිනයකදී. ඒ අතරතුරදී යම් මුදල් අවශ්‍යතාවක් ඇති වුවහොත් ඕනෑම කෙනෙක් අසරණ වෙනවා. මෙවැනි විටෙකදී උදවු කිරීමට අප නව විශ්‍රාම වැටුප් අත්තිකාරම් ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මේ මඟින් ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවන දිනයට පෙර දිනයකදී වුවත් පෑන් ඒෂියා බැංකුවකට ගොස් ඉතාම කෙටි කාලයකදී ඉතාම සුළු අමතර ගාස්තුවක් යටතේ පොලී රහිත ණය අත්තිකාරමක් ලබාගත හැකියි. මේ පහසුකම ඕනෑම ශාඛාවකින් ලබාගත හැකිවීම තවත් විශේෂත්වයක්. මෙම සේවාව හරහා ලබාගත හැකි උපරිම මුදල රු. 30,000ක් වන අතර අවමය රු. 5000ක්.

මේ ගිණුම් හිමියන්ට ලැබෙන වෙනත් ප්‍රතිලාභ මොනවාද?

ඉහත සඳහන් කළ පහසුකම්වලට අමතරව අපි සම්මාන ගිණුම් හිමියන්ට වට්ටම් ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. එමඟින් තෝරා ගන්නා ලද පොත් සාප්පු, ඇස්කණ්ණාඩි ලබාගන්නා ස්ථාන සහ රක්ෂණාවරණ වැනි සේවාවන් සඳහා සුවිශේෂී වට්ටම් හිමිකර ගත හැකියි

මෙම ණයක් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

රුපියල් 10,000ක් හෝ ඊට වැඩි විශ්‍රාම වැටුපක් හිමි අයට තමන්ගේ විශ්‍රම වැටුප පෑන් ඒෂියා බැංකුවේ සම්මාන ගිණුමකට බැර කිරීමට උපදෙස් ලබාදීමෙන් මෙම පහසුකම ලබාගත හැකියි. වයස අවුරුදු 70ට අඩු විශ්‍රාම වැටුප් හිමියන්ට ණය පහසුකම සඳහා ඉල්ලුම් කිරීමට පුළුවනි.

විශේෂයෙන්ම සඳහන් කළයුතු කාරණයක් තිබෙනවා, ඒ තමයි සම්මාන ගිණුම් යටතේ ණයක් ලබාගැනීම සඳහා කිසිදු ආකාරයක ඇපකරුවකු අවශ්‍ය නොවීම.
මේ ගැන වැඩි විස්තර ලබාගන්නේ කෙසේද?

සියලුම දිනයන්හි පැය 24 පුරා ක්‍රියාත්මකව පවතින අපගේ බැංකුවේ පාරිභෝගික මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ පෑන් ඒෂියා බැංකුවේ ළඟම ඇති ශාඛාවක් වෙත ගොඩවැදීමෙන් ඔබට මේ ගැන වැඩි විස්තර ලබාගත හැකියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්