“හාර්ට් ඇටෑක්” හරියටම දැනගන්න අත් දෙකේම “ප්‍රෙෂර්” බලන්න

  👤  1866 readers have read this article !
By mawbima 2017-10-22

රුධිර පීඩනය මැන බැලීම විවිධ සෞඛ්‍ය හේතූන් මත වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන්නෙකි. ඇතැම්විට බොහෝ දෙනා යම් රෝග ලක්ෂණයක් පහළ වූ විට තමන්ට රුධිර පීඩන පරීක්ෂණයක් කර ගත යුතු බව පුරුද්දෙන්ම දනිත්. එය එතරම්ම සරල පරීක්ෂණයක් බව සැබෑය. රුධිර පීඩනය මනින ආකාරයද එපමණටම පැහැදිලිය. එය මනින්නේ කවර අතකින්දැයි ඇසුව හොත් වමතෙහි යැයි කියන්නට බොහෝ දෙනා පෙලඹෙත්.

එහෙත් එක් අතකින් පමණක් රුධිර පීඩනය මැන බැලීමේ ක්‍රමවේදය කල්පිනූ එකකැයි කියන්නට දැන් කාලය එළැඹ තියේ. ඒ හාර්වඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මැසෂුසෙට් මහ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. ඔවුන් පවසන්නේ ඔබ ඊළඟ වතාවේ රුධිර පීඩන පරීක්ෂාව සිදු කරනවිට දෙඅතම පරීක්ෂා කරන ලෙස වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටිය යුතු බවයි. එයට හේතුව නම් එසේ රුධිර පීඩනය මනිනවිට දෙඅතේ මිනුම් අතර වෙනස ඉතා වැඩි නම් එය හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන්නක් බව මේ අධ්‍යයනය තුළින් සොයා ගෙන තිබීමය.

මේ පර්යේෂණය සඳහා ඔවුන් විසින් වයස අවුරුදු හතළිහ හෝ ඊට වැඩි ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශ්වයෙන්ම 3,400කට ආසන්න පුද්ගලයන් පිරිසක් යොදා ගනු ලැබ තිබිණි. ඉන් බොහෝ දෙනකුගේ දෙඅත්වල පීඩනයෙහි වෙනස පැවැතුණේ ඒකක පහක පමණ ප්‍රමාණයකි. සාමාන්‍ය වෙනස ලෙස සලකනු ලබන්නේද පහේ සිට දහය දක්වා වූ පරාසයයි. එය ඉතා සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකෙයි. එහෙත් මේ පිරිසෙන් 10% පමණ ප්‍රමාණයකගේ මේ වෙනස දහය ඉක්මවා තිබිණි. එහෙත් එය ගැන නම් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැවැසෙයි. මේ පරීක්ෂණ හරහා ඔප්පු වී ඇත්තේ එබඳු වෙනසක් හෘදයාබාධ ඇතිවීමේ සම්භාවිතාව 38% පමණ ඉහළකට ගෙන යන්නට හේතු වන බවයි. හෘදයාබාධ පමණක් නොව ආඝාතය හෝ ඒ ආශ්‍රිත රෝගාබාධ කෙරේද එය බලපෑ හැකි බැව් පැවැසෙයි.

සුළු වෙනසක් පැවැතීම සාමාන්‍ය තත්ත්වයක් වුව එය ඉහළ අගයක් ගැනීමෙන් පෙන්වන්නේ ධමනිවල යම් අවහිරතාවක් ඇති බවයි. ඒ ලක්ෂණය හෙළිදරව් කරන කාරණය වන්නේ ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක් (ර්ථීඥපඪ +ර්ථීඩඥපචත ඒපබඥපර ච්ඪඵඥචඵඥ) හටගන්නට ඉඩ ඇති බවකි. මෙය බොහෝවිට හෘදයාබාධයකට අතවනන පසුබිම සකසන්නට හේතුවකි.

මේ අධ්‍යයනයේ සිට වගකීම් දැරූ මැසෂුසෙට් මහ රෝහලේ හෘදරෝග විශේෂඥ එමෙන්ම හාර්වඩ් මෙඩිකල් කොලීජියේ සම මහාචාර්ය පදවියක් උසුලන ආචාර්ය ක්‍රිස්ටෝපර් ඔ'ඩොනල් (ච්ප. ඛ්ඩපඪඵබධනඥප ර්ණී'ච්ධදදඥතත) පවසන්නේ මෙබන්දකි.

"හෘදරෝග පිළිබඳ වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් දෙඅතේම රුධිර පීඩනය මැන බැලීම පුරුද්දක් වශයෙන් සිදු කරනවා. ඒත් අනෙකුත් වෛද්‍යවරුන් එය සිදුකරන බවට අපිට සහතික විය නොහැකියි. ඒත් ඔවුනුත් මේ කාරියට උනන්දුවනවා නම් අපිට රෝගී තත්ත්ව පිළිබඳ වැඩි යමක් දැන ගන්නට පිළිවන් වනවා සිකුරුයි. අනෙක් අතට යමකුගේ දෙඅතින් එකක් වැඩිමනත් සංඛ්‍යාවක් පෙන්වනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ඇරැඹිය යුතු එය ඉලක්ක කරගෙන බවත් අප මේ තුළින් අවාධරණය කළා."

එහෙත් මේ පිළිබඳව කළ යුතු සුවිශේෂී ප්‍රතිකර්ම ගැන ඔවුන් සඳහන් කර නැත. එහි ඇති වාසිය ලෙස පර්යේෂක කණ්ඩායම පෙන්වා දී තිබෙන්නේ කල්තියා ඇති අනතුරක් ගැන දැනගැනීම පමණෙකි. එහෙත් ඔවුන් වඩා කල්පනාකාරී විය යුතු තත්ත්වයන් කිහිපයක් ගැන අනතුරු අඟවා තිබේ. අංක එක ලෙස ඔවුන් දක්වන්නේ දුම්බීමය. දුම්කොළ දුම පෙණහලුවලට පමණක් නොව ධමනිවලට හා හෘදයටද එකසේ අහිතකරය. ඔවුනට අනුව හෘදයාබාධ රතු එළිය දැල්වී තිබුණද නැතිද සෞඛ්‍යායෝජනයක් ලෙස කළ හැකි හොඳම දෙය වන්නේ දුම්බීම අත්හැර දැමීමය.

ඊළඟට ව්‍යායාමවල අවශ්‍යතාව. මෙවැනි තත්ත්වයකදී යෙදිය හැකි හොඳම පිළියම වන්නේ ක්‍රියාශීලී වීමය. ඔවුන් නිර්දේශ කරන්නේ අවම වශයෙන් දිනකට විනාඩි තිහක පමණවත් ව්‍යායාම වටයකි. නිසි බර ප්‍රමාණය පවත්වාගෙන යෑමද මීට සබැඳිය.

එළවළු, පලතුරු බහුල සමබල ආහාර වේලකට හුරුවීමද හෘදයාබාධවලට එරෙහි සටනට හොඳ පුහුණුවකි. කෘත්‍රිම ආහාර, තෙල් හා ලුණු වැඩි ආහාර රසකාරක යෙදූ බීම වර්ග හා පිටි කෑමෙන් වැළකී සිටින්නට හැකි නම් වඩා අගනා බව ඔවුහු පවසත්. අනෙක මත්පැනයි. එයද හැකිතාක් අවම කළ යුතු බව ඔවුනගේ නිර්දේශයය. මේ සියල්ල පාලනය කළ හැකි වුවද තරගකාරී සමාජයක හැල්මේ දුවන අපිට උත්තර නැති ප්‍රශ්නයක් ඊළඟට හමුවෙයි. ඒ පීඩාකාරීගතිය අඩු ජීවන රටාවක් හා ක්‍රමවත් නින්දයි. මානසික ආතතිය මේ කාරණා උත්සන්න කිරීමේලා ප්‍රබල වශයෙන් හේතු වන බව මෙකී පර්යේෂකයන්ගේ අදහසයි. ව්‍යායාම, විනෝදාංශ, කලාව හා භාවනාව මේ තත්ත්වය මඟහැර සිතේ සැහැල්ලුව ඇති කිරීමට හේතු වනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කරති.

මේ සොයා ගැනීම ගැන මානව වර්ගයා තිගැස්මක් ඇති කරගත යුතු නැති බව අපේ හැඟීමය. එය යම් රෝගී තත්ත්වයක් කල්තියා හඳුනාගැනීමට ලැබුණු පහසුකමක් සේ සැලකිය යුතුය. අනෙක් අතට තව තවත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට සහ සෞඛ්‍ය හා බැඳුණු දිවිපෙවෙතකට යොමුවන්නට බල කෙරෙන හස්තයක් ලෙසද අප එය හඳුනාගත යුතුය.
පාලිත ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්