මහේන්ද්‍රන්ට-ඇලෝසියස්ට එරෙහිව නීතිමය පියවර ගන්න

  👤  1800 readers have read this article !
By mawbima 2017-10-22

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම මේ සතියේ වැදගත් තීන්දුවක් ගත්තේය.
ඒ අගමැතිවරයා වෙත ප්‍රශ්නාවලියක් යොමු කරමින් දිවුරුම් ප්‍රකාශයක්ද සහිතව කොමිසම විසින් ඉදිරිපත් කරන ප්‍රශ්නාවලියකට පිළිතුරු ලබාදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දීමය.
ඒ හා සමඟම කොමිසම වහා ක්‍රියාත්මක වෙමින් තවත් පියවර කිහිපයක්ම ගත්තේය. සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ටත්, ඔහු විසින් මෙම මගඩිය සම්බන්ධයෙන් කොමිසම විසින් පවත්වාගෙන යන විමර්ශන අඩාල කිරීමේ අරමුණින් ඔහුගේ සමාගමේ දත්ත ගබඩා පද්ධතියේ තිබූ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ තොරතුරු ඇතුළත්වූ දත්ත දහස් ගණනක් විනාශ කිරීමට ඔහුට සහාය වූ තවත් දෙදෙනකුටත් එරෙහිව වහා පරීක්ෂණ ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (ඛ්ධ්ච්) නියෝග කළේය.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය වහාම ආරම්භ කළ අතර එකී වාර්තාව නිරීක්ෂණය කළ කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරියද වන ලංකා ජයරත්න එදිනම නියෝගයක් නිකුත් කළාය.
එම නියෝගය මඟින් සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනගේත් එම සමාගමේ ප්‍රධාන ගැනුම්කරු ලෙස කටයුතු කළ නුවන් ඉන්දික සල්ගාදු හා තාක්ෂණ නිලධාරි සචිත් මධුසංක දේවතන්ත්‍රි යන දෙදෙනාගේත් විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසට නියෝග කරමින් ඔවුන්ට රටින් පිටවීම තහනම් කරනු ලැබිණි.
කොමිසම තවත් පියවරක් ඉදිරියට තබමින් එතෙක් මෙතෙක් කොමිසම හමුවේ අනාවරණය වී ඇති තොරතුරු අනුව කරුණු තහවුරු වී ඇති සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දක්වමින් නීතිපතිවරයාට ලිපියක් යැවීමට පියවර ගත්තේය.
කොමිසමේ සභාපති ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරිගේ නියෝගය පරිදි කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය විසින් නීතිපතිවරයා වෙත යවන ලද ලිපියේ මෙලෙස ද සඳහන් විය.
මෙතෙක් කොමිසම විසින් සිදු කරන ලද පරීක්ෂණ හා විමර්ශන තුළින් අනාවරණය කොටගෙන මනාව තහවුරු කර ගන්නා ලද කරුණු අතර කොමිසමේ විමර්ශන කටයුතුවලට බාධා පමුණුවමින් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් හා කොමිසමට කරුණු තහවුරු කර ගැනීමට ඉවහල් කර ගත හැකි සාක්ෂි විනාශ කිරීමට ක්‍රියා කිරීමෙන්ද, කොමිසම හමුවේ කරුණු අනාවරණය කිරීමට ඉදිරිපත් වන්නන්ට තර්ජනය කිරීම් හා බලපෑම් කිරීම් මඟින් එම සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීම වැළැක්වීමට ක්‍රියා කිරීම මඟින්ද සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස්් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝසප් ඇලෝසියස් නමැත්තා සාපරාධී අපරාධ ක්‍රියාවන්හි නිරතව ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස කොමිසම නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
කොමිසම විසින් පවත්වන ලද විමර්ශන හා පරීක්ෂණවලදී මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අතරින් මනාව තහවුරු වී ඇති කරුණු අනුව 2015 පෙබරවාරි මස 01 වැනි දිනත් 2016 මාර්තු මස 31 වැනි දිනත් අතර කාල පරාසය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ක්‍රියා කරමින් තම පාලනය යටතේ සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී විවිධ උපක්‍රම භාවිත කරමින් හා ඇතැම් විට විවෘතවම මැදිහත්වෙමින් එකී වෙන්දේසිවලින් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස් නමැත්තාට හිමි ප්‍රාථමික ගැනුම්කාර සමාගමට අයුතු ලාභ ලබා ගැනීමට ක්‍රියා කිරීම හා ඊට සහාය වීම මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවටත්, රාජ්‍ය බැංකුවන ජාතික ඉතිරි කිරීමේ බැංකුව (ව්ඉඕ) මහජන බැංකුව (ර්ථීඥධනතඥ'ඵ ඕචදඬ) හා ලංකා බැංකුව (ඕචදඬ ධට ඛ්ඥරතධද) යන රාජ්‍ය ආයතනවලටත්, සේවක අර්ථ සාධක අරමුදල (ඡ්ර්ථීජ්) හා සේවක භාරකාර අරමුදල (ඡ්ඊජ්) යන ආයතනවල ශ්‍රී ලංකා මහ බැංකුව තුළ තැන්පත්ව තිබූ මුදල් සංචිතවලටත් රුපියල් කෝටි දහස් ගණනින් පාඩු හා අලාභ සිදුකිරීම සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් නමැත්තාට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදන ලෙස දන්වා සිටිමි.
නීතිපතිවරයා වෙත යවන ලද ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ, 2015 පෙබරවාරි මස 1 වැනි දිනත් 2016 මාර්තු මස 31 වැනි දිනත් අතර වූ කාල පරාසය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එවකට එහි අධිපතිවරයා වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ පාලනය යටතේ පවත්වනු ලැබ ඇති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී කූට උපක්‍රම භාවිත කරමින් නීති විරෝධී අන්දමින් ඒවාට මැදිහත්වීම්කොට ඇති සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝසප් ඇලෝසියස් නමැත්තාට එරෙහිව, ශ්‍රී ලංකා මහ බැංකුවටත්, රජයේ බැංකු වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව (ව්ඉඕ) මහජන බැංකුව (ර්ථීඥධනතඥ'ඵ ඕචදඬ) හා ලංකා බැංකුව (ඕචදඬ ධට ඛ්ඥරතධද) යන ආයතනවලටත් සේවක අර්ථසාධක අරමුදල (ඡ්ර්ථීජ්) සේවක භාරකාර අරමුදල (ඡ්ඊජ්) යන ආයතනවලටත් බරපතළ පාඩු සිදු කරමින් අයුතු හා නීති විරෝධී ආකාරයෙන් රුපියල් කෝටි දහස් ගණනාවක මුදලක් අයුතු ලාභ උපයාගෙන ඇති බවට දිවුරුම්පිට කොමිසම හමුවේ ප්‍රකාශ කොට ඇති පිළිගත හැකි සාක්ෂි මඟින්ද කොමිසම සිය විමර්ශන හරහා අනාවරණය කොටගෙන ඇති කරුණු මඟින්ද, කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් මේ වන විටත් සොයාගෙන ඇති ලේඛනමය සාක්ෂි මඟින්ද, රැස්කොට ගෙන ඇත්තා වූ ශ්‍රව්‍යමය සාක්ෂි මඟින්ද යනාදී පරිවේශනීය සාක්ෂි හරහා කරුණු තහවුරු වී ඇති බැවින් බැලූ බැල්මට පෙනෙන (ර්ථීපඪථචජ්චජඪච) නඩු නිමිත්තක් උද්ගතව ඇති හෙයින් ඔහුට එරෙහිව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටය.

ඊට අමතරව අර්ජුන් ජෝසප් ඇලෝසියස් නමැත්තා විසින් කොමිසමේ විමර්ශන කටයුතුවලට බාධා පමුණුවමින් කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි සීමාසහිත "පෑන් ඒෂියා බෑන්කිං කෝපරේෂන්" ආයතනයේ රිචී ඩයස් නමැති නිලධාරියාහට තර්ජනය කරමින් කොමිසම ඉදිරියේ තම වංචනික ක්‍රියාවන්ට අදාළ තොරතුරු හෙළි කිරීම වළක්වාලීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද එමඟින් දැනුම් දී ඇත.

මෙම සතිය තුළ කොමිසම හමුවේ අනාවරණය වූ තවත් එක් වැදගත් කරුණක් වූයේ සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් තම දියණිය විවාහ කරගෙන සිටින තමාගේ බෑනා බව සත්‍යයක් වුවත්, ඔහු සමඟ ඔහුගේ ව්‍යාපාරික කටයුතු හෝ තමා අධිපතිකම දරන මහ බැංකුවේ කටයුතු ගැන හෝ එකම වචනයකුදු කිසිදු අවස්ථාවක කතා නොකරන බව පුන පුනා කොමිසම හමුවේ ප්‍රකාශ කිරීමය. මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට අවසානයේ එම ප්‍රශ්නය හමුවේ නිරුත්තර වීමට සිදුවීමය.
තම බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස්ට ලැබී ඇති කෙටි පණිවුඩවල "ඒ.ර්." හා "අ.ම්." යනුවෙන් සඳහන්ව ඇත්තේ කවුරුන්දැයි තමා නොදන්නා බව කියා සිටි අර්ජුන මහේන්ද්‍රන්ට "ඒපණභදච චදඤ අචමඪ-ඬ" යනුවෙන් දැක්වෙන තවත් කෙටි පණිවුඩ දෙකක්ම පෙන්වා සිටි අවස්ථාවේදී එහි සඳහන්ව ඇත්තේ රවි කරුණානායකත් තමාත් බව ඔහුට පිළිගන්නට සිදුවිය.

තවත් කෙටි පණිවුඩ 05ක් ඉදිරිපත් කරමින් ඇලෝසියස්ගේ දුරකතනයට එවා ඇති එම පණිවුඩවල "රෑ 10.00ට අචමඪ-ම් සමඟ රැස්වීමක් ගැනත් සවස 5.30ට ඔබ හා රවි කරුණානායකගේ උපදේශක ලසන්ත සෝමරත්නත් සමඟ සාකච්ඡාවක් ගැනත්, ඔබත් රවි කරුණානායකත් පැමිණෙන තුරු සභාපතිවරයා බලා සිටින බවට ඇලෝසියස්ගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් ඇලෝසියස්ට යවන ලද කෙටි පණිවුඩයත් අනුව මීට පෙර දිනකදී කොමිසම හමුවේ ප්‍රකාශ කොට ඇති 'බෑනාත් තමාත් අතර කිසිදු කතා බහක් නැත' යන ප්‍රකාශය සද්දන්ත බොරුවක් නොවේදැයි අසද්දී මහේන්ද්‍රන් නිරුත්තර විය.

තමා මහ බැංකුවේ අධිපතිවරයා වූ දින සිට බෑනාගේ පර්පචුවල් සමාගමට රුපියල් කෝටි දහස් ගණනින් ලාභ ලැබුණේ කෙතරම් නින්දිත කූට උපක්‍රම භාවිත කිරීමෙන්ද යන්නත් ඒවාට හවුල්වුණේ කවර ලොකු ලොක්කන්ද යන්නත් පෙර දින සාක්ෂියේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ නමද සඳහන් වීමෙන් පැහැදිලි වන බවද එම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අර්ජුන මහේන්ද්‍රන්ට පවසද්දී ඔහු නිහඬව සිටියා මිස කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය.

මේ අතර කොමිසමේ සාක්ෂි විභාග කටයුතු අවසන් අදියරට පැමිණ තිබූ අතර ඉකුත් සතියේ සිකුරාදා (13දා) දිනයෙන් අවසන් කිරීමට නියමිතව තිබූ සාක්ෂි විභාගය තවත් දින 02කින් කල් තැබීමට කොමිසමට සිදුවිය.
එසේ සිදුවූයේ එදිනට සාක්ෂි ලබා දීම සඳහා කොමිසම් හමුවට කැඳවා තිබූ අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් එදින කොමිසම හමුවට නොපැමිණීම හේතුවෙනි.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එදින කොමිසමට ප්‍රකාශ කර සිටියේ තම සේවා දායකයා හදිසි හෘදයාබාධයකින් රෝහල්ගතව ඇති බවින් පැමිණිය නොහැකි බවත්, ඊළඟ දිනයේදී ඔහු කැඳවීමට ක්‍රියාකරන ලෙසත්ය.
ඒ අනුව සඳුදා දිනයේ ඔහු කැඳවීමට කොමිසම පියවර ගත්තේය.

එදිනද ඔහු නොපැමිණි අතර ඔහුගේ නීතිඥවරයා එදින කියා සිටියේ තම සේවාදායකයා සම්බන්ධ කර ගැනීමට පවා අපහසු වූ බවත්, දුරකතනයට හෝ සම්බන්ධ කරගත නොහැකිව ඇති නිසා ඔහු කොමිසම හමුවට කැඳවීමේ වගකීම තමාට භාරගත නොහැකි බවය.
ඒ අනුව එදින වෙනත් සාක්ෂිකරුවකු වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයකු වන නිහාල් ෆොන්සේකා කැඳවනු ලැබීය.
බැංකුකරණය පිළිබඳ විශේෂඥවරයකුද වන ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ තමා ප්‍රශ්නගත බඳුම්කර ගනුදෙනු සිදුවූ කාලසීමාව තුළ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ නොසිටියද, තමා පැමිණි පසු එම ප්‍රශ්නගත වෙදේසි සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ බවය.

ඔහු කොමිසම හමුවේ පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේ එකී ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිවලදී බරපතළ ආකාරයේ අක්‍රමිකතාවන් සිදුව ඇති බවත් රුපියල් කෝටි දහස් ගණන් අයුතු ලාභ උපයා ගැනීමට සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට හැකි වී ඇත්තේ එම අක්‍රමිකතාවන් නිසා බවත්ය.
ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතාට ප්‍රතිචාර දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සිදුව ඇති අක්‍රමිකතාවන් මහ බැංකුවේ ඉහළම නිලධාරියකුගේ අනුදැනුමකින් තොරව සිදුවීමේ කිසිදු ඉඩකඩක් හෝ එසේ සිදුකිරීමට කිසිදු හැකියාවක් හෝ නොමැති බවය.

දිගින් දිගටම අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ මහ බැංකුවටත් සේවක අර්ථසාධක අරමුදලටත් (ඡ්ර්ථීජ්) රුපියල් කෝටි දහස් ගණන් පාඩු සිදු කරමින් සංවිධානාත්මකව හා සැලසුම් සහගතව යම් වැඩපිළිවෙළක් මහ බැංකුව තුළ ක්‍රියාත්මකව ඇති බව ඉතාමත්ම පැහැදිලි බවත්, එවැනි සැලසුම්සහගත හා සංවිධානාත්මක වැඩපිළිවෙළක් තනිව මෙහෙයවීමට හෝ ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවේ පාලන ව්‍යුහය තුළ කිසිදු ඉඩක් නොමැති බවත් මහ බැංකුවේ ඉහළම නිලධාරියකුගේ මැදිහත්වීම තුළින්ම පමණක් එවැන්නක් සිදුවූ බව ඉන් පැහැදිලි වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් දින 02ක්ම කොමිසමට නොපැමිණි අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් අඟහරුවාදා (17දා) කොමිසම හමුවට පැමිණියේය.
එසේ වුවද ඔහුගෙන් විමසන ලද ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරක් නොදී "මා දන්නේ නෑ" ආදී වශයෙන් පිළිතුරු දුන් ඔහු අර්ජුන මහේන්ද්‍රන් යනු කවුරුන්දැයි තමා නොදන්නා බවද කියා සිටියේය.

එහෙත් කොමිසමෙන් නැඟුණු ප්‍රශ්න වැලකට පිළිතුරු දෙමින් සිටින අතරතුර ඔහු අර්ජුන මහේන්ද්‍රන් පමණක් නොව ඔහුගේ දියණිය පවා හඳුනන බව පිළිගන්නට ඔහුට සිදුවිය.
සතිය නිමාවෙද්දී කොමිසමෙන් වාර්තාවූයේ කොමිසම හමුවේ අර්ජුන් ආලෝසියස්ට හා රවි කරුණානායකට එරෙහිව ඉතා බලවත් සාක්ෂියක් ලබාදුන් අනිකා විජේසූරිය නම් සාක්ෂිකාරියටත් ඇගේ පවුලේ අයටත් රවි කරුණානායකගේ ඥාති පුත්‍රයකු වන රාජිත කොඩිතුවක්කු නැමැති අයකු මරණීය තර්ජනය එල්ල කොට අති බවය.
එම තර්ජන මැද්දේ අනිකා විජේසූරිය ආරක්ෂාව පතා රටින් පිටව ගිය බවද ජේ‍යෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ කොමිසම හමුවේ කියා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ කොමිසම එකී සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භකොට වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

කොමිසම තම පරීක්ෂණවල අවසාන පියවර වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට තීරණය කළ අතර ඒ අනුව ඔහු වෙත ප්‍රශ්නාවලියක් යොමු කරමින් දිවුරුම් ප්‍රකාශයක් සහිතව එම ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන ලෙස දන්වා යැවීය.

ඉනුදු නොනැවතුණු කොමිසම තවදුරටත් තීරණය කළේ තවත් ප්‍රශ්නාවලියක් අගමැතිවරයා වෙත යොමුකොට ඊට ලැබෙන පිළිතුරුවලින්ද සෑහීමකට පත්විය නොහැකි වුවහොත් ඔහු කොමිසම හමුවේ සාක්ෂියක් ලබාගැනීම සඳහා කැඳවීමටය.

කමල් මහේන්ද්‍ර වීරරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්