එජාප ආසන සංවිධායක පුරප්පාඩු නොවැම්බර් 15දාට පෙර පුරවන්න පියවර ගන්න

  👤  1795 readers have read this article !
By mawbima 2017-10-22

උපතිස්ස පෙරේරා

දැනට ඇබෑර්තු වී පවතින එජාප ආසන සංවිධායක තනතුරු හා දිස්ත්‍රික් සංවිධායක තනතුරු නොවැම්බර් මස 15 වැනි දිනට පෙර පිරවීමට පියවර ගන්නා ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාට උපදෙස් දී තිබේ.
එමෙන්ම පසුගිය කාලසීමාව තුළ පක්ෂයේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා නොකළ නිද්‍රාශීලී ආසන සංවිධායකයන් පිළිබඳව වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත.

පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා අයැදුම් කරන ලදුව ප්‍රතික්ෂේප වූ අයැදුම්කරුවන් ඉදිරිපත් කළ 1,000කට ආසන්න අභියාචනා වෙන් වෙන්ව සලකා බලා එම නිර්දේශ මේ සතිය අවසන් වීමට පෙර ලබාදෙන ලෙසද හෙතෙම එජාප නාමයෝජනා අභියාචනා කමිටුවට දැනුම් දී ඇත.
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කෙරෙන අපේක්ෂක ලැයිස්තු පක්ෂයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ප්‍රකාශයට පත් කරන බව සිරිකොත එජාප මූලස්ථාන ප්‍රකාශකයෙක් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්