විමල් හිරේදී ලියපු 'යදමින් බැඳි අක්ෂර' අද ජනගත කෙරේ

  👤  1847 readers have read this article !
By mawbima 2017-10-22

හර්ෂනී අර්සකුලරත්න

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා තම සිරගත දිවියේ අත්දැකීම් අලළා ලියූ 'යදමින් බැඳි අක්ෂර : විමල් වීරවංශ සිරගත කරන ලද සිතිවිලි' කෘතිය අද (22දා) සවස 3ට කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ.

මේ කෘතිය ඔහු සිරගතව ලියූ දෙවැනි කෘතිය වේ. 'රටට වුවමනා වම' ඔහු එසේ ලියූ පළමු කෘතිය වේ.
'යදමින් බැඳි අක්ෂර : කෘතිය ජනගත කිරීමේ සභාවේ ප්‍රධාන දෙසුම පවත්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසිනි. එහිදී විමල් වීරවංශ මහතාගේ දෙසුමක්ද පැවැත්වෙයි. කෘතියෙහි අන්තර්ගතව ඇති ගේය පද රචනයක් රූප රචනයක් සහිතව ගීතයක් ලෙස ජනගත කිරීමද මෙහිදී සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්