ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීම යට යයිද?

  👤  1967 readers have read this article !
By mawbima 2017-10-22

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

ත ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට මුලදී ගනු ලැබූ තීරණය මේ වන විට යටපත්වී ඇතත් තාමත් එය අළු යට ගින්නක් බවට පත්ව තිබේ.

තත්ත්වය එසේ වුවද පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමසාරිස්වරයා නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ආණ්ඩුව සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු ඇතුළුව පස් දෙනකු විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින මේ ඇමැතිවරුන් පිරිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනා සමඟ ඉතා සමීපව සාකච්ඡා කරමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගන්නා බවට ඉඟියක්වත් නොකර ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා සමඟ මේ පිරිස සාකච්ඡාවන්හි නිරත වී සිටින බව පවසන එම ආරංචි මාර්ග ඉරිදා "මව්බිම"ට සඳහන් කළේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර මැතිවරණ දිනය ළං වන විට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිපයේ තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට ඉඩ තිබෙන බවයි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දිනය ප්‍රකාශ කිරීමෙන් පසුව ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට නියමිත එම ඇමැතිවරුන් පස් දෙනා අතර තිදෙනකු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු වෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්