පළාත් සභා සීමානිර්ණ කමිටුවේ සහායට අතුරු කමිටු 2ක්

  👤  1778 readers have read this article !
By mawbima 2017-10-22

දෙනගම ධම්මික රණවීර

ත පළාත් සභා සීමා නිර්ණය කිරීම සඳහා වන සීමා නිර්ණය කමිටුවට සහාය ලබා ගැනීම සඳහා අතුරු කමිටු 2ක් පත් කිරීමට තීරණය කොට තිබේ.තාක්ෂණික කමිටුවක් පත් කිරීම එහි පළමු වැන්නයි. එමෙන්ම සෑම දිස්ත්‍රික්කයක් ස¼දහාම දිස්ත්‍රික් ලේකම්, සහකාර මැතිවරණ කොමසාරිස් සහ දිස්ත්‍රික් මිනුම්දෝරු නිලධාරීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් බැගින්ද පත් කිරීමට නියමිතය.

සියලුම දිස්ත්‍රික්කවල සිදුකෙරෙන සීමා වෙන් කිරීම සඳහා එම කමිටුවල ඍජු සහාය අපේක්ෂා කෙරේ. මේ සීමා නිර්ණය කටයුතු සඳහා රුපියල් මිලියන 25ක් අවශ්‍ය බවට පළාත් සභා සීමා නිර්ණය කමිටුව විසින් මහා භාණ්ඩාගාරයට දන්වා යවා ඇත.

පළාත් සභා සීමා නිර්ණය කමිටුව පුද්ගලයන් පස් දෙනකුගෙන් සමන්විත වන අතර එහි සභාපති ලෙස ආචාර්ය තවලිගම් මහතා කටයුතු කරයි. ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, මහාචාර්ය එම්. හිස්බුල්ලා, එස්. විජේසන්දිරන් සහ පී.එම්. සිරිවර්ධන යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්