ඇමැතිවරුන්ගේ විදෙස් ගමන් සීමා කරන්න ඕනෑ

  👤  1826 readers have read this article !
By mawbima 2017-10-22

ජනාධිපති හා අගමැති කැබිනට් රැස්වීමේදී දැනුම් දෙති

ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ විදේශ ගමන් වහා සීමා කළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැඩිව ප්‍රකාශ කොට තිබේ.

ඇමැතිවරුන් දිගින් දිගටම සිදු කරන විදෙස් සංචාර හේතුවෙන් ආණ්ඩුවේ කටයුතු මෙන්ම පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමේදී ඇති වන ගැටලු සහගත තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙලෙස විදෙස් සංචාර සීමා කරන ලෙසට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමට ඇමැතිවරුන්ගේ සහභාගිත්වය අඩුවී තිබීම ගැනද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

විදෙස් සංචාර සීමා කිරීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ විදෙස් සංචාර හේතුවෙන් ඇමැතිවරුන් සමඟ රජයේ වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට හා තීන්දු තීරණ ගැනීමට තමා විසින් යොදා ගත් දින පවා වෙනස් කිරීමට සිදුව තිබෙන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්