ජනතාව අතර ඇති වැරැදි වැටහීම නිවැරැදි කරනවා

  👤  2017 readers have read this article !
By mawbima 2017-10-22

ලක්ෂ්මී ජයකොඩි

ත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව අතරේ ඇති කර තිබෙන වැරැදි වැටහීම් සියල්ල නිවැරැදි කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න මහතා 'මව්බිම'ට පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් නිකුත්කොට ඇති දෙවැනි අතුරු වාර්තාව පිළිබඳ එළැඹෙන 29, 30 සහ 31 තෙදින පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ජනතාව අතරේ ඇති කර ඇති වැරැදි වැටහීම් හා වැරැදි තර්ක සියල්ල බිඳ දැමීමට කටයුතු කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
මන්ත්‍රිවරයා පැවැසුවේ ඉදිරියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.

පසුගිය 19 වැනිදා රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවාදයේ කථිකයන් පිළිබඳව පමණක් සාකච්ඡා කෙරුණු බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්