පන්දු යවන්නන්ගෙන්ම යැපෙන්නට ගොස් ශ්‍රී ලංකා පිල වැලිකතරේ අනාථ වෙයි

  👤  1983 readers have read this article !
By mawbima 2017-10-20

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර 151 වැනි එක්දින තරගය ලෙස ඊයේ අබුඩාබි හිදී පැවැති මෙවර තරගාවලියේ 3 වැනි එක්දින තරගයෙන්ද පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසාම ශ්‍රී ලංකාව කඩුලු 7කින් පරාජයට පත්වූයේ නොකඩවා ලැබූ 10 වැනි එක් දින පරාජයද උරුමකර ගනිමිනි. ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 209ක ඉලක්කය හඹා ගිය පාකිස්තානුවෝ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කර ගත් අතර, වේගපන්දු යවන හසන් අලි තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 34ට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව පරාජය වෙත තල්ලු කළේය.

පිළිතුරු ඉනිමට පැමිණි ඊයේ තරගයෙන් තම මංගල එක්දින තරගය සටහන් කළ ඉමාම්-උල්-හක් සමඟ ෆකාර් සමාන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක් රැස් කළ අතර කෝඩුකාර හක් ලකුණු 29ක් හා 89ක් ලබා සිටි අවස්ථාවලදී දික්වැල්ල විසින් උඩපන්දු අත්හරින ලද හේතුවෙන් එහි වාසියද ගෙන ඔහු පන්දු 125 දී තම ප්‍රථම එක් දින ශතකය වාර්තා කළේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිල තීරණය කිරීමෙන් පසුව උපුල් තරංග හා දික්වැල්ල ආරම්භ කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවක් එක්කළ අතර, එක් අවස්ථාවක ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු දෙකකට ලකුණු 112ක් වී තිබිණි. එහෙත් එක්වරම කඩුලු 6ක් ලකුණු 51ක් තුළ බිඳ වැටීම හේතුවෙන් පාකිස්තානයට තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යන ගමන වැළකිණි.
කෙසේ වෙතත් තිසර පෙරේරා අවසන් මොහොතේදී ලැබූ වේගවත් ලකුණු 38 හේතුවෙන් අපහසුවෙන් හෝ ලකුණු 200 සීමාවෙන් ඔබ්බට යෑමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ශ්‍රී ලංකාව
(පන්දුවාර 48කදී සියලු දෙනා දැවී) 208 (උපුල් තරංග 61, තිසර පෙරේරා 38, ළහිරු තිරිමාන්න 28, දිනේෂ් චන්දිමාල් 19, නිරෝෂන් දික්වැල්ල 18, හසන් අලී 5/34, ෂදාබ් ඛාන් 2/37)

පාකිස්තානය
(පන්දුවාර 42.3කදී කඩුලු 3කට) 209 (ඉමාම් උල් හක් 100, මොහොමඩ් හෆීස් නොදැවී 34, බාබර් අසාම් 30, ෆාකාර් සමාන් 29, තිසර 1/22, 1/35, 1/43)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්