ගැටුමකට මැදි වූ ස්ටොක්ස්ට රුපියල් කෝටි 4ක් අහිමි වෙයි

  👤  2016 readers have read this article !
By mawbima 2017-10-20

රාත්‍රී සමාජ ශාලාවකදී පසුගියදා සිදුවූ ගැටුමක් හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ උප නායක බෙන් ස්ටොක්ස්ගේ අනුග්‍රාහකත්වය අත්හිටුවීමට ඔහුට අනුග්‍රාහකත්වය දරන සමාගමක් විසින් තීරණය කර ඇත.

ක්‍රීඩා භාණ්ඩ නිපදවීමෙන් ප්‍රමුඛස්ථානයක් හිමිකරගෙන ඇති මෙම සමාගම විසින් වාර්ෂිකව බෙන් ස්ටොක්ස් හට බි්‍රතාන්‍ය පවුම් මිලියන 0.2ක් (රුපියල් කෝටි 4ක් පමණ) ලබා දෙන බවද පැවසේ.

කෙසේ වෙතත් මෙම විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය එළැඹෙන අළුබඳුන තරගාවලියෙන් ස්ටොක්ස් ඉවත් කර තිබීමද විශේෂත්වයකි.
සටහන - තරිඳු පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්