නියෝජ්‍ය විදුහල්පතිනිය මන්නෙන් ගෙල කපාගෙන

  👤  2119 readers have read this article !
By mawbima 2017-10-20

‍ෙදාම්පේ - ඩබ්.ජී. ආරියපාල

‍ෙදාම්පේ පොලිස් වසමට අයත් මල්වාන ලාවුලුගස්හන්දිය ප්‍රදේශයේ පදිංචි රජයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක් පෙරේදා (18දා) අලුයම 2.00ට පමණ සිය නිවෙසේ නාන කාමරය තුළදී තියුණු මන්නයකින් ගෙල කපාගෙන සිටියදී බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ නියෝජ්‍ය විදුහල්පතිනියක වන ලලනි මන්ත්‍රිරත්න නමැති 54 වියැති දෙදරු මවකි.
ඇය විසින් සිය ගෙල සිඳගත් මන්නයද පොලිසිය විසින් ඒ අසල තිබී සොයාගෙන ඇත.

පෙරේදා (18දා) අලුයම 2.00ට පමණ ඇගේ නිවෙසේ කාමරයක් තුළින් ශබ්දයක් ඇසී සැමියා එම ස්ථානයට දිවගොස් බලන විට ඇය සිය ගෙල සිඳගනිමින් සිට ඇත.
එසැණින් වහා ඔහු තම පුතා අවදි කරවාගෙන බිරිය බියගම රෝහලට රැගෙන ගොස් ඇති අතර ඇය එහි රැගෙන යන විටත් මියගොස් තිබූ බව පොලිසියට පවසා ඇත.
පූගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඩී.ඒ.පී. වීරරත්න මහතා පෙරේදා (18දා) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත භාරදෙන ලෙසට පොලිසියට නියෝග කෙරිණි. ‍ෙදාම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජී.එම් රණතුංග, එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත ජයකොඩි සහ පොලිස් කොස්තාපල් තිලකරත්න (36589) යන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්