මීගමුව බන්ධනාගාරය තුළදී රැඳෙව්වකුට පහරදීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්

  👤  1976 readers have read this article !
By mawbima 2017-10-20

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

මීගමුව බන්ධනාගාරයේ රැඳවියකුට බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙසේ පහර කෑමට ලක්ව රෝහල් ගතව ඇත්තේ කොළඹ 10 පදිංචිකරුවකු වන 42 වියැති රැඳවියෙකි. රැ¼දවියන් විසින් මොහුට පහර දුන් බව සඳහන් කරමින් බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට පසුගිය 17දා ඇතුළත් කර ඇතත් තමන්ට පහර දුන්නේ රැඳවියන් නොව බන්ධනාගාර නිලධාරීන් බව පහරකෑමට ලක්වූ රැඳවියා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර තිබේ. එම වෛද්‍යවරුන් ඒ බව රෝහල් පොලිසියට දන්වා ඇත. රැඳවියා දැනට මීගමුව රෝහලේ විකලාංග වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ වම් අතේ අස්ථි බිඳීමක්ද දකුණු පාදයේ ඇතිවූ තුවාලයකට වෙළුම් පටි දමා තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග කියයි. මීගමුව රෝහල් පොලිසිය විසින් කළ දැනුම්දීමකට අනුව මීගමුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්