බැඳුම්කර හොරුන්ට අපේ ආණ්ඩුවකින් දඬුවම් දෙනවා

  👤  2070 readers have read this article !
By mawbima 2017-10-20

රටට වින කෙටූ, ලංකාවේ ආර්ථිකය කාබාසිනියා කළ බැඳුම්කර මගඩියට අදාළ පුද්ගලයන්ට නිසි දඬුවම ලබා නොදුනහොත් අපේ රජයක් පැමිණි විගස නැවත මෙම කොමිසම පත් කර අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. පසුගියදා 18දා සවස මාතර ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අමතා එසේ පැවැසීය.
මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

අගමැතිට එන්න කියපු ගමන් මේ කොමිසම නැවැත්තුවා. මේවා රංගනයක් කියලා තමයි අපිට හිතෙන්නේ. අගමැති බොරුවට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා මම කොමිසමට එනවා කියලා. නමුත් එතුමට කොමිසම ඉස්සරහට එන්න තරම් ශක්තියක් නෑ. ඒක නිසා තමයි කොමිසමේ කාලය දීර්ඝ නොකළේ. මෙයින් ජනතාව නොමඟ යවන්න හිතනවා නම් ඒවා කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.

අපි මුල ඉඳලම මේ ආණ්ඩුවේ මේ රාජකීය හොරකම ගැන කිව්වා. මේවා කළේ මේ අය දීර්ඝ කාලීන සැලැසුම් එක්ක. මෙතැනින් හොරකම් කරපු සල්ලි අරගෙන මාධ්‍ය ආයතන හැදුවා. ඒවට ගෙවන්න බැරි තරම් මුදල් හා යාන වාහන දෙන්නම් කියලා මාධ්‍යවේදීනුත් ගත්තා. ඕන දේකට සූදානම් මාධ්‍යවේදීන් පිරිසකුත් එතැනට ගියා. නමුත් අද ඒ ගියපු මාධ්‍යවේදීන් නන්නත්තාර වෙලා. මේ මුදල් ජනතාවගෙන් සූරා කාපු මුදල්. ජනතාව සීනි කිලෝ එකකට ගෙවන බදු මුදල් හිරිකිතයක් නැතිව හොරකම් කළා මදිවට ඒ හොරකම සාධාරණ කරන්න පිරිසකුත් පසුගිය කාලේ හිටියා. ඔය ෆුට් නෝට් කල්ලිය එදා කියපු දේවල් අදත් පුළුවන් නම් කියන්න කියලා අපි කියනවා.
මහ දවල් මංකොල්ල කාපු මුදලින් කරන කරන දේවල් හරි යන්නේ නෑ. මොවුන් ඒ මුදලින් මාධ්‍ය ආයතන ආරම්භ කළා. එහෙම කළේ දීර්ඝකාලීනව ජනතාවගේ මතය වෙනස් කරන්න. මේවායේ අරමුණ වුණේ 2020 ජනාධිපතිවරණය. මේ අය හිතුවා මේ අයගේ බොරු රට තුළ සමාජගත කරන්න පුළුවන් කියලා.

අපි ඒකාබද්ධ විපක්ෂය ලෙස මේ බැඳුම්කර මාධ්‍ය ආයතන මුල ඉඳලම වර්ජනය කළා. අපේ මතය නැතිව මේ අයට ජනතාව අතරට යන්න බැහැ. මේ මාධ්‍ය ආයතන වැටීම තුළම පේනවා අද ඒකාබද්ධ විපක්ෂයට රට තුළ තියෙන බලය. අද මේ ආණ්ඩුව ඡන්ද තියන්නේ නැත්තේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්.
දැන් මේ අන්ත දූෂිත ගනුදෙනුවේ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබා ගැනීම අවසන් වෙලා තියෙනවා. මේක රට හමුවේ රඟදක්වපු තවත් නාට්‍යයක් කරන්න එපා. එජාපයේ පිරිස උඩ ඉඳලා පහළටම මේකට හවුල් කියලා අද අතේ මාට්ටු වෙලා තියෙනවා. දැන් අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කළ යුතුයි. ඒවා සිදු නොවුණහොත් අපේ ආණ්ඩුවක් පැමිණි කාලෙක අපි මේ සියලු දෙනාටම දඬුවම් දෙනවා.

ඉමදුව - ටී. විතානවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්