නොකඩවා 10වැනි එක්දින පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල සටනක

  👤  2253 readers have read this article !
By mawbima 2017-10-19

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර 151වැනි එක්දින තරගය ලෙස ඊයේ අබුඩාබිහිදී පැවැති මෙවර තරගාවලියේ 3වැනි එක්දින තරගයේදීද ශ්‍රී ලංකාවේ පිතිකරුවන් අසාර්ථකත්වයට පත්වී පන්දුවාර 48.2ක් අවසානයේ ලබා ගත්තේ ලකුණු 208ක් පමණි. ඒ අනුව තරග 2-0ක් ලෙස ඉදිරියෙන් සිටින පාකිස්තානයට තරගාවලිය ජය ගැනීමට නම් ලකුණු 209ක් ලබා ගැනීමට නියමිතව තිබිණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිල තීරණය කිරීමෙන් පසුව මොහොමඩ් හෆීස් යැවූ පළමු පන්දුවාරය හෙවත් ඉනිමේ 9වැනි පන්දුවාරයේ 6වැනි පන්දුවට නායක තරංගගේ පිත්තෙන් එල්ලවූ 5වැනි හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කිසිවකු නොදැවී 50ක් සේ කියැවුණු අතර ඊට තවත් ලකුණු 9ක් එක්වෙද්දී 10වැනි පන්දුවාරයෙන් තම පන්දුයැවීම පටන් ගත් හසන් අලිගේ 5වැනි පන්දුව පිත්තේ වැදී කඩුල්ලේ දැවටීමෙන් පන්දු 26කට මුහුණ දී සිටි දික්වැල්ල ලකුණු 18කට දැවී ගියේය.
කෙසේ වෙතත් ෂදාබ් ඛාන් යැවූ 20වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී තරංග තම 35වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර 26වැනි පන්දුවාරය යැවූ ෂදාබ් ඛාන් ඉදිරියේ පසුගිය තරගයේ ආකාරයෙන්ම චන්දිමාල් දැවී ගියේය. එනම් ෂදාබ්ගේ ගුග්ලි පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී පන්දු 49කට මුහුණ දී ලකුණු 19ක් ලබා 2වැනි කඩුල්ල ලෙස චන්දිමාල් දැවී යන විට මුළු ලකුණු 102ක් සටහන් වූ අතර ශ්‍රී ලංකා පිලේ ලකුණු 100 වාර්තා වූයේ 25වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීය. චන්දිමාල්ගෙන් පසුව තරංගට එක් වූ චාමර කපුගෙදර දෙදෙනාට තවත් ලකුණු 10කට වඩා එකතු කිරීමට යළිත් ක්‍රියාත්මක වූ පා දඟපන්දු යවන ෂදාබ් ඉඩ දුන්නේ නැත.පන්දු 80කින් ලකුණු 61ක් ලබා සිටි තරංග ෂදාබ් විසින් දවාගන්නා ලද්දේ ඩීප් ස්ක්වෙයාර් ලෙග්හි සිටි ෆකාර් සමාන්ට උඩපන්දුවක් ලබා දීමට සැලැස්වීමෙනි.

34වැනි පන්දුවාරයේ 4වැනි පන්දුවේදී මුළු ලකුණු 137ක් වන විට සිවුවැනි කඩුල්ල ලෙස චාමර කපුගෙදරද ලකුණු 18කට දැවී ගියේය. පන්දු 29කට මුහුණ දී සිටියදී කපුගෙදර පන්දු යැවූ හසන් අලි අතට උඩපන්දුවක් දීමෙන් දැවී ගිය පසුව තිරිමාන්නට එක්වූ මිලින්දටද පන්දු 4කට වඩා මුහුණ දීමට ජුනයිඩ් ඛාන් ඉඩ දුන්නේ නැත. මිඩ් ඕන්හි පන්දු රකිමින් සිටි සමාන්ගේ අතට උඩපන්දුවක් දීමෙන් ඛාන්ගේ පළමු කඩුල්ල එසේ වාර්තා වූ අතර 6වැනි කඩුල්ල ලෙස වැන්ඩර්සේද හසන් අලි ඉදිරියේ දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 141කි. තිසර ලකුණු 38ක්ද තිරිමාන්න ලකුණු 28ක්ද ලබා ගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්