කඹුරුපිටියේ පෙර පාසල් දරුවන්ට පොත් ප්‍රදානයක්

  👤  2265 readers have read this article !
By mawbima 2017-10-19

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

දැයේ දරුවන් දැනුමෙන් පෝෂණය කිරීම අරමුණු කොටගෙන නලින් රණවීර පදනම ක්‍රියාවට නංවන නෙතුකුරෙන් ඔබ්බට අධ්‍යාපන සත්කාරක වැඩසටහන යටතේ කඹුරුපිටිය හැපි කිඩ්ස් සහ කිඩ්ස් පෙර පාසල්වල දරු දැරියන් වෙත පෙර පාසල් වැඩපොත් හා අධ්‍යාපනික සී. ඩී. තැටි ලබාදීමේ උත්සවය ඊයේ (18දා) පෙරවරුවේ මාතර කඹුරුපිටියේදී පැවැත්විණි. මේ අවස්ථාවට කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිමිකම් ප්‍රවර්ධන නිලධාරි කේ. බස්නායක මහතා හා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනි හිමාලි කුරුප්පු මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්