අධිකරණය හමුවේ පවතින කරුණු විවාද කළ නොහැකියි

  👤  2288 readers have read this article !
By mawbima 2017-10-19

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

අධිකරණය හමුවේ පවතින කරුණු සඳහන් නොකරන්නේ නම් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදය සඳහා අවසර ලබාදිය හැකි බව කතානායක කරු ජයසූරිය ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුනට පෙරේදා (17දා) දැනුම්දී ඇත.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් රාජිත සේනාරත්න ඇමැතිවරයාට එරෙහිව බාරදී ඇති විශ්වාසභංග යෝජනාව සංශෝධනය කර පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබියදීත් ඒ සඳහා විවාද දිනයක් වෙන් නොකරන්නේ මන්දැයි ඒකාබද්ධ මන්ත්‍රි නියෝජිත පිරිස කතානායකවරයා හමුවී විමසා තිබේ.
අධිකරණය හමුවේ පවතින කරුණු විවාද කළ නොහැකි බවට ස්ථාවර නියෝගවල සඳහන් වන බවත් ඒ අනුව ක්‍රියා කළ යුතු බවත් කතානායකවරයා පෙන්වාදී ඇත.
කතානායකවරයාගේ අදහසට ඒකාබද්ධ මන්ත්‍රි පිරිස එකඟත්වය පළ කර ඇත. ඒ අනුව පක්ෂ නායක රැස්වීමකදී විවාද දිනය නියම කෙරෙනු ඇති බව ඒකාබද්ධ මන්ත්‍රි කණ්ඩායමේ ඩලස් අලහප්පෙරුම 'මව්බිම'ට කීය.

දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත, තාරක බාලසූරිය යන මන්ත්‍රිවරු කතානායක නිල කාමරයේදී හමුවී මේ සාකච්ඡාව පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්