අපනයනය පුළුල් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක්

  👤  2295 readers have read this article !
By mawbima 2017-10-19

සහශ්‍රක සංවර්ධන අරමුදල හා ඉලක්ක සමඟ රජයේ උපාය මාර්ග ගළපමින් ජගත් සංවිධානය ඇතුළු කණ්ඩායම් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට සූදානම් බව ලෝක බැංකුවේ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අමතමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
සමුළුව අමතමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකාව ආර්ථිකය අපේක්ෂිත මට්ටමට වඩා අඩු වර්ධනයක් පෙන්නුම් කළ ද එය 2017 වර්ෂය වන විට 4.5%ක වර්ධනයක් අපේක්ෂා කරනවා. දැනට ආර්ථිකය තුළ සිදු කෙරෙමින් පවතින පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හා ආයෝජක විශ්වාසය සමඟින් 2020 වන විට 7%ක ආර්ථික වර්ධනයකට හිමිකම් කියනු ඇතැයි විශ්වාස කරනවා.
2016 ජුනි මාසයේදී ශ්‍රී ලංකාව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල එළැඹ ඇති ඇ.ඩො. බිලියන 1.5ක විස්තීරණ ණය පහසුකම් යටතේ වන වසර තුනක වැඩපිළිවෙළ මඟින් මෙම ප්‍රතිසංස්කරණවල ආරම්භයන් ස¼දහා සහාය සැලසෙනවා. මෙම වැඩසටහන මඟින් රටේ බාහිර හා මූල්‍ය තුලනය ශක්තිමත් කිරීම අරමුණයි.

රජයේ ණය හිඟය සහ එක් රැස් කිරීම අඩුකිරීමේ අරමුණ ඇතිව ආදායම පාදක කර ගත් ප්‍රතිපත්තියක් කෙරේ රජය දැක්වූ කැපවීම මෙම කැපී පෙනෙන වර්ධනයට හේතුවයි.
2017 සැප්තැම්බර් මාසය අවසන් වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 7.3 දක්වා වර්ධනය වූ අතර එම අගය මාස 45ක ආනයනයන්ට සමානයි. වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියලේ අගය ඇ.ඩො. අගයට සාපේක්ෂව 2.2% ප්‍රමාණයකින් අවප්‍රමාණය තිබෙනවා. අපනයනයන් පුළුල් කිරීම ප්‍රමුඛතම අවශ්‍යතාවයි. ඊට අමතරව යුරෝපීය වෙළෙඳපොළ සඳහා වැඩි ප්‍රවේශයක් ඇති කිරීම, ඉන්දියාව සමඟ පවත්නා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම තුළින් වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම, චීනය හා සිංගප්පූරුව සමඟ නව ආර්ථික හවුල්කාරී ගිවිසුම් අස්සන් කිරීම ස¼දහා කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මූල්‍යමය සහාය ලබාදීම, විශ්ලේෂණ හා උපදේශන සේවා සඳහා තාක්ෂණ සහාය ලබාදීම මඟින් අඛණ්ඩව සහාය ලබාදීම පිළිබඳව ලෝක බැංකුවට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්