හාල් - පොල් - හාල්මැස්සන් අඩු මුදලට දෙනවා කීම මාධ්‍ය සන්දර්ශනයක් පමණයි

  👤  2275 readers have read this article !
By mawbima 2017-10-19

ආරියරත්න ගනේගොඩ

සහල්, පොල් සහ හාල්මැස්සන් ලංකා සතොස මඟින් අඩු මුදලට ලබාදෙන බවට කළ ප්‍රකාශ මාධ්‍ය සන්දර්ශයනයක් බවට පත්වෙමින් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
කැඩුණු සහල් ඇතුළු සහල් වර්ග 08ක් අඩු මිලට ලබාදෙන බවට සැප්තැම්බර් 28 වැනිදා නිවේදනයක් කළද එම වැඩපිළිවෙළ දින දෙකකට වඩා ක්‍රියාත්මක නොවූ බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා 'මව්බිම'ට පැවැසීය.

පොල් ගෙඩියක් රුපියල් 75.00 බැගින් රටේ ජනතාවට ලබාදෙන බවට කළ ප්‍රකාශද මේ වන විට මාධ්‍ය සන්දර්ශයක් බවට පත්ව ඇති බවත්, කොළඹින් පිටත පිහිටා තිබෙන ලංකා සතොස ආයතනවල මෙම වැඩපිළිවෙළ එක් දිනක් හෝ විධිමත් ලෙස ක්‍රියාත්මක වී නොමැති බවත් රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් පැවැසීය.
සහල් හා පොල්වලට අමතරව හාල්මැස්සන්ද අඩු මුදලට ලබාදෙන බවට ප්‍රකාශ කළ බවත් එහෙත් අඩු මුදලට පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හාල්මැස්සන් සතොස ශාඛාවල නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්