ශ්‍රී ලංකා මුහුදු සීමාවට එන ඉන්දීය ධීවර යාත්‍රා ගණන අඩුවේ

  👤  2272 readers have read this article !
By mawbima 2017-10-19

චාමර අමරසූරිය

මෙරට මුහුදු සීමාවන්ට ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.
වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාපති ලෙස පත් වීමෙන් පසු, උතුරු මුහුදේ ආරක්ෂාවට යොදවා ඇති නෞකාවල මුර සංචාරක රටාව විධිමත් කිරීමත් සමඟම මේ තත්ත්වය ඇති වී නැති බවද එම නිවේදනයෙහි සඳහන් වේ.

මෙකී නව ක්‍රමවේදයත් සමඟම, පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්ට පැමිණෙන ට්‍රෝලර් යාත්‍රා නිරීක්ෂණය වී ඇත්තේ ඉතාමත් අඩුවෙනි. එම නිසාම අනවසර ධීවර කටයුතුවල නිරත පුද්ගලයන් සහ යාත්‍රා අත්අඩංගුවට පත්ව ඇත්තේද ඉතාමත් සීමිත සංඛ්‍යාවකි. මෙයට හේතුව වන්නේ මුහුදු තීරය පුරාම විධිමත්ව දිවා - රාත්‍රි අඛණ්ඩව මුර සංචාර සිදු කිරීමයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්