රාජ්‍ය සේවයට බඳවා ගැනීම් තරග විභාග මඟින් පමණක් සිදු කරන ජාතික ප්‍රතිපත්තියක් සකසන්න

  👤  2311 readers have read this article !
By mawbima 2017-10-19

නුවන් හෙට්ටිආරච්චි

රාජ්‍ය සේවයට කරන සියලු බඳවා ගැනීම් තරග විභාග මඟින් පමණක් සිදු කරන ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නැයි ඉල්ලා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ඉල්ලීමක් කරයි.
2006 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් අසාධාරණයට ලක්ව ඇති ප්‍රාථමික ශේ‍ර්ණියේ තනතුරුධාරීන් සඳහා අහිමිවී ඇති උසස්වීම් ලබා දෙමින් ඔවුන්ට සිදුව ඇති අගතිය ඉවත් කරන ලෙස සංගමය ඉල්ලා සිටී.

සියයට 7 බදු ඉවත්කර රාජ්‍ය සේවකයකුට වාහනයක් මිලට ගැනීමට හැකියාවක්ද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පැය 100 පාඨමාලා ලබා ගන්නා ප්‍රවීණතා සහතිකය මත දෙවැනි බස නිදහස් කර ගැනීම සඳහා වූ යෝජනාවක්ද ඇමැතිවරයා වෙත සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න යැවූ ලිපියේ සඳහන් විය.
රාජ්‍ය සේවයේ සාමාජිකයන් 3000ට වැඩි වෘත්තීය සංගම් සඳහා පූර්ණ කාලීනව නිදහස් කිරීමේ පුද්ගල සංඛ්‍යාව වැඩි කිරීම හා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර සිල්ලර මිලක් නියම කිරීම ඇතුළු යෝජනාද ලිපියට ඇතුළත් කර තිබේ.

2018 අය වැයට යෝජනා ඉදිරිපත් කිරීමට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය දැනුම් දීම මත එම කරුණු ඉදිරිපත් කළ බවත් එහිදී ලක්ෂ පහළොවක් වන රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව දියුණු කිරීම, රාජ්‍ය සේවය විනිවිද භාවයකින් මහජනතාව අතර විශ්වසනීයත්වයෙන් තම සේවාවන් ඉටු කරන සහ ඉටුකර ගත හැකි ස්ථාන බවට පත්කර ගැනීමට හා රාජ්‍ය සේවකයන්ගෙන් සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා ගැනීමටත් සංගමය මඟින් අරමුණු කරන බවත් එම ලිපියෙන් පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්