රෝහල් ගතවන රෝගීන්ගෙන් 60%ක් මිය යන්නේ බෝ නොවන රෝගවලින්

  👤  2294 readers have read this article !
By mawbima 2017-10-19

දයා පෙරේරා

වසර 2020 වන විට ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝගවලින් තුනෙන් එකක් පාලනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න ලෝක සෞඛ්‍ය සමුළුවට පවසයි.

ශ්‍රී ලංකාව මැලේරියාව, බරවා වැනි බෝවන රෝග මැඬපවත්වා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද තහවුරු කර තිබෙන බව පැවැසූ ඇමැතිවරයා රටේ රෝහල්වලට ඇතුළුවන රෝගීන්ගෙන් සියයට 60ක් පමණ මිය යන්නේ බෝ නොවන රෝගවලට ගොදුරු වීමෙන් බවද කියයි.

තනි සිගරැට් විකිණීම හා පාසල් අවට මීටර් 500ක දුරින් දුම්වැටි තහනම් කිරීම මේ සදහා වූ ඉදිරි ක්‍රියාමාර්ග යැයිද ඇමැතිවරයා කීය.
අත්‍යවශ්‍ය ඔෟෂධ 48ක මිල අඩුකිරීම නිසා විවිධ වෙළෙඳ නාම යටතේ අලෙවි කරන ඔෟෂධ වර්ග 300ක මිල අඩුවූ බවත් එහිදී කීවේය.
ජර්මනියේ බර්ලින් නුවර ඉකුත් 15දා සිට 17දා තෙක් වූ ලෝක සෞඛ්‍ය සමුළුවේදී බෝ නොවන රෝග පාලනය සම්බන්ධයෙන් සැසිවාරයක් පැවැත්විණි. ඒ සඳහා වෙන් කර තිබූ පැය 1 1/2ක කාලයෙන් විනාඩි 50ක් ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග පාලනය පිළිබඳව කරුණු දැක්වීමට රාජිත සේනාරත්න ඇමැතිවරයාට හිමිවීමද විශේෂ සිද්ධියක් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්