පවුල්වල අවශ්‍යතා සොයන්න ඒකාබද්ධය මැදිහත් වෙයි

  👤  2296 readers have read this article !
By mawbima 2017-10-19

ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීමට එරෙහිව හම්බන්තොටදී පැවැති උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන්ගේ පවුල්වල අවශ්‍යතාව සොයා බලා ඒ සඳහා මැදිහත් වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ පෙරේදා පැවැති ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ගත් මේ තීරණයට අනුව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග හා ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රිවරු ඊයේ (18දා) බෙලිඅත්ත - වහරක්ගොඩ පදිංචි දමයන්ති මහත්මියගේ පවුලේ ඥාතීන්ගේ සුව දුක් බැලීමට ගියහ.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ප්‍රසන්න රණතුංග හා ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරු දමයන්ති මහත්මියගේ පවුලේ උදවිය සමඟ අදහස් හුවමාරු කරගන්නා ආකාරයයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්