අතුරුදන්වූවන් සොයා දෙන්නැයි අඛණ්ඩ විරෝධතාවේ යෙදුණු කතක් මියගිහින්

  👤  2443 readers have read this article !
By mawbima 2017-10-19

ලක්ෂ්මී ජයකොඩි

අතුරුදන් වූ සිය ඥාතීන් සොයා දෙන්නැයි අඛණ්ඩ විරෝධතාවයේ නිරතව සිටි විරෝධතාකරුවන්ගෙන් පස්වැන්නා පසුගියදා (15දා) මරණයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ජසින්තා පීරිස් නමැති කාන්තාවකි.

අතුරුදන් වූ සිය සැමියා හා පුතා සොයා දෙන්නැයි ඉල්ලමින් අතුරුදන්වූවන් සෙවීමේ ජාතික ව්‍යාපාරය විසින් මේ වන විට උතුරේ දින 230ක් තිස්සේ අඛණ්ඩව පැවැත්වෙන සත්‍යග්‍රහ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියදී ඇය මෙසේ මියගොස් ඇත.

2007 වසරේදී වැල්ලවාය ප්‍රදේශයේදී රොෂාන් වියෝන් යන ඇගේ පුතාත් අමලන් වියෝන් නමැති ඇගේ සැමියාත් අතුරුදන්ව තිබේ.
කොළඹ ප්‍රදේශයේ තිබියදී සොයා ගත් හැඳුනුම්පත් 12ක් සම්බන්ධ නඩුවක් මේ වන විට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතර මිය ගිය ජසින්තා පීරිස් නමැත්තිය පසුගියදා එම නඩුවටද පෙනී සිට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon