ශ්‍රී නාත් පෙරේරා - කරුණා එජනිසට එක්වීමට සාකච්ඡා

  👤  2455 readers have read this article !
By mawbima 2017-10-19

දෙනගම ධම්මික රණවීර

හිටපු අමාත්‍යවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ජනාධිපති නීතිඥ ශ්‍රී නාත් පෙරේරා යන අය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.

එලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීම සඳහා ඔවුන් දෙදෙනා ඊයේ (18දා) පෙරවරුවේ එජනිස මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හමුවේ සාකච්ඡා කර තිබේ. කරුණා අම්මාන් ශ්‍රී ලනිප උප සභාපතිවරයා ලෙස කටයුතු කොට පසුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා එක්ව දේශපාලන කටයුතු සිදු කෙළේය. එක්සත් ජාතික පක්ෂයේ මොරටුව සංවිධායක ලෙස කටයුතු කරන්නේ ජනාධිපති නීතිඥ ශ්‍රී නාත් පෙරේරා මහතාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්