ජීවිතයට හානි කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා

  👤  2508 readers have read this article !
By mawbima 2017-10-19

දෙනගම
ධම්මික රණවීර

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ජීවිතයට හානියක් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ගැන තොරතුරු අනාවරණය වෙයි.
තොරතුරු අනාවරණය කරන්නේ මහින්ද අමරවීර ඇමැතිවරයායි.

ඇමැතිවරයාගේ කොළඹ නිල නිවෙසේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ පිළිබඳව කළ අනාවරණය මෙසේය.
ජනාධිපතිතුමා මා අගය කිරීමත්, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය භාරදීමත් සමඟ මට විරුද්ධව පිරිසක් කටයුතු කරනවා. එවැනි පිරිසක් ප්‍රධාන දේශපාලනඥයකුගේ නිවෙසේදී රැස්වී සාකච්ඡාවකුත් කළා. පොඩි පක්ෂ දෙකක නායකයන් ඇතුළු එකොළොස් දෙනකුගෙන් යුතු තරුණ මන්ත්‍රි කණ්ඩායමක් එතැන සිටියා. ෆේස්බුක් ඔස්සේ මඩ ප්‍රචාර කරන දෙදෙනකුත් සිටියා. මෛත්‍රිපාල ජනාධිපතිතුමාට දැනෙන්න නම් මට ගහන්න ඔවුන් තීන්දු කළා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නොවන මන්ත්‍රිවරයෙක් මා 'සීන්' එකෙන් ඉවත් කිරීමටත් යෝජනා කළා. ඔහුට එවැනි අත්දැකීම් තිබෙනවා.' සීන්' එකෙන් අයින් කරනවා කියන්නේ ජීවිත හානි කිරීමයි. ඒත් අනෙක් මන්ත්‍රිවරුන් ඊට විරෝධය පළ කළා. මට විරුද්ධව අසත්‍ය චෝදනා නඟමින් චරිත ඝාතන කිරීම ආරම්භ වූයේ ඉන් පසුවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්