එජාප සමුළුව අය වැයෙන් පසු

  👤  2318 readers have read this article !
By mawbima 2017-10-19

උපතිස්ස පෙරේරා

ඉකුත් සැප්තැම්බර් මස 10දා රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අයහපත් කාලගුණය හේතුවෙන් කල් තැබූ එජාප 71 වැනි වාර්ෂික සම්මේලනය මෙවර අය වැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර අය වැය යෝජනා මඟින් ජනතාවට සහන හා ප්‍රතිලාභ රැසක් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරන බැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන වඩාත් ශක්තියකින් හා ජවයකින් 71 වැනි වාර්ෂික සමුළුව පවත්වා ජනතාව ආකර්ෂණය වන අයුරින් එජාප පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඇරැඹීමට සැලසුම් කර ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්