ඉදිරි වසර දෙක තුළ කෝටි ලක්ෂ 3ක ණය ගෙවන්න සිදු වෙලා

  👤  2660 readers have read this article !
By mawbima 2017-10-19

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

ඉදිරි වසර දෙක ඇතුළතදී රජයට රුපියල් කෝටි ලක්ෂ 3ක ණය මුදලක් ගෙවීමට සිදුව තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.මෙම ණය මුදල් ගෙවන ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යවරයා ලබන 9 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අය - වැය ලේඛනය මඟින් විස්තර කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඊයේ (18දා) නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කරනු ලැබූ නාත්තණ්ඩිය මානිංගල 'අශෝකපුර' උදාගම්මානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 'ආර්ථික අභියෝග හමුවේ ආණ්ඩුව කිසිදු විටෙක පැන යන්නේ නැති බවටත් රැකියා අවස්ථා උදාකරමින් ආදායම් මාර්ග වැඩිකර රටේ ස්ථාවර ආර්ථික සංවර්ධනයක් ඇති කරන බවත් සඳහන් කළේය.'

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon