පුලියන්කුලම් නයිනමඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක්

  👤  2559 readers have read this article !
By mawbima 2017-10-18

ඕමන්ත - ශේෂලා අමරසිංහ

බුරුත ගස් කපා කැලෑවේම ඉරා ප්‍රවාහනයට සූදානම් කර තිබූ දැව තොගයක් පුලියන්කුලම් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
නොච්චිකුලම් ආනන්දපුලියන්කුලම් නයිනමඩු රක්ෂිතයේ රහසිගත දැව ජාවාරමක් පිළිබඳව පුලියන්කුලම් පොලිසියට තොරතුරු ලැබීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් අදාළ රක්ෂිතය වටලා මේ දැව තොගය සමඟ සැකකරුවන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා මේ දැව අත්අඩංගුවට ගෙන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
බුරුත දැව ජාවාරම කොටු කරගැනීමට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පුලියන්කුලම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුපුල් විදානගේ මහතාගේ නායකත්වයෙන් පොලිස් සැරයන් (36386) රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන (34177) ජයසූරිය, (87125) ජයවර්ධන, (88425) දිසානායක, (72173) නුවන්, (22352) සුරංජිත්, (60349) හේරත්, (19267) තුසිත යන අය සහභාගි වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්