අධිකරණයේ සිට බෝගම්බරට ගෙනගිය සැකකරුගේ ගුදයේ මත්කුඩු

  👤  2569 readers have read this article !
By mawbima 2017-10-18

කුමුදු උපුල් ශාන්ත

නුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙරේදා (16දා) පස්වරුවේ නැවත බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගිය විශේෂ ගණයේ සැකකරුවකු සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක අංශය මඟින් සිදුකළ විශේෂ සෝදිසියකදී එම සැකකරුගේ ගුද මාර්ගයේ සඟවාගෙන තිබූ මත්කුඩු ග්‍රෑම් එකහමාරක් (1 1/2) පමණ සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් විමසීමේදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසා සිටියේ අධිකරණයේදී මෙම සැකකරුට මත්කුඩු ලැබුණේ කෙසේද යන්න සෙවීමට විශේෂ විමර්ශනයක් සිදු කරන බවත් සැකකරු භාරව ගිය නිලධාරීන්ගෙන් ඒ ගැන ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බවත්ය.
සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගත් මත්කුඩු නුවර පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්