පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන දහයක් දිනුවොත් මම දේශපාලනයෙන් සමුගන්නවා

  👤  2686 readers have read this article !
By mawbima 2017-10-18

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පළාත් පාලන ආයතන 10ක් ජයග්‍රහණය කිරීමට හැකි වුණොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව කඩුවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා ප්‍රකාශ කළේය.

ඔහු එසේ ප්‍රකාශ කළේ 13දා කඩුවෙල ශ්‍රී ලනිප කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී. එච්. බුද්ධදාස මහතා
බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආයතන 200ක් ජය ගන්නා බව ප්‍රකාශ කොට තිබෙනවා. ඒක කවදාවත් සිදු වන්නේ නැහැ. එදා විධායක ජනාධිපති බලතල තිබෙද්දී අයියා දිනවන්නටවත් ඔහුට හැකි වුණේ නැහැ. සියලු රාජ්‍ය බලය පාවිච්චි කළත් එදා මහින්ද මහත්තයා පරාජය වෙන්න බැසිල් රාජපක්ෂ තමයි හේතු වුණේ. ඔහු මැතිවරණයෙන් පසුව රට හැර ගියා. එයා බොරු කාරයෙක් විතරයි.
බැසිල් රාජපක්ෂ එජාපයේ ඉඳලා රට හැර ගියා. ආයෙත් ශ්‍රී ලනිපයේ ඉඳලා රට හැර ගියා. ඔහුට ඉදිරි මැතිවරණයෙන් පසුවත් සිදු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට රට හැර යෑමටයි.

එදා බැසිල්ට සියයට 10ක කොමිස් ගන්නා පුද්ගලයා කියලා තමයි කවුරුත් කිව්වේ.
එදා ලංකාවේම මහාමාර්ග ඉදිකළේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන්. ඒවා ගැන කවුරු හරි එෆ්. සී. අයි. ඩී. ගියොත් බැසිල්ට අවුරුදු 20ක් සිරගත වීමට සිදු වෙනවා.

බැසිල් මේ කරන්න යන්නේ අපට නැත්නම් උඹලටත් නැහැ කියන වැඩක්. ශ්‍රී ලනිපය භේද කළාම එහි වාසිය සතුරන් අතට යනවා. බැසිල් කරන්නේ එවැනි ගේම් එකක්. ඒකට අහුවෙන්න ජනතාව සූදානම් නැහැ. පළාත් පාලන ආයතන 200ක බලය ගන්නවා කියන බැසිල් එසේ නොහැකි වුණොත් දේශපාලනයෙන් සමුගන්නවා දැයි මා අභියෝග කරනවා යැයි ද පැවැසීය. ජනතාව රාජපක්ෂ යුගයත්, එජාප යුගයත් පසු කර ඇවිත් සිටිනවා. ඒත් මෛත්‍රිපාල ජනාධිපතිතුමා හොරෙක් කියලා කවුරුත් කියන්නේ නැහැ. විමල් වීරවංශත් සාකච්ඡාවක් ඉල්ලාගෙන ජනාධිපති තුමාගේ දෙපා ළගට ගියා. ඒ ගොල්ලෝ හිතන්නේ බෞද්ධයෝ එයාල විතරයි කියලයි. ඒ අයට මාතෘකාවක් නැතුව දැන් ව්‍යවස්ථාවේ එල්ලිලා.

අද දූෂණ චෝදනාවලට රාජපක්ෂ පවුලේ පස් දෙනෙක් කොටු වී සිටිනවා. විමල් වීරවංශත් ජාතික ධනය හොරා කෑවා. දැන් කට්ටි පනිනවා.
දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්