ගුරු මාරුවලට එරෙහිව දරුවන් උසිගන්වන ගුරුවරුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

  👤  2576 readers have read this article !
By mawbima 2017-10-18

දයා පෙරේරා
ගුරු මාරු වීම්වලට එරෙහිව දරුවන් උසිගන්වන ගුරුවරුන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පවසයි.
'වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවූ ගුරු මාරු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති, ගුරු සංගම් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වය ලබා ගනිමින් තමා නායකත්වය ලබාදුන් බවත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කොමිසම කටයුතු කරන බවත් අවධාරණය කරයි.
ඇතැමකුට නොරිස්සන නමුත් පොදු සුබ සෙතට නිවැරැදි තීන්දු ගැනීම මගේ වගකීමයි.

අපි ආවේ අයිස්ක්‍රීම් විකුණන්න නොවේ. ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති තීන්දු ගන්නයි. සියලු දෙනා සනසමින් අයිස්ක්‍රීම් ලබාදෙන්නා සේ කටයුතු කිරීමේ හැකියාවක් අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයේදී ඇත්තේ නැහැ' යැයිද ඇමැතිවරයා කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ පැවැති ආසියානු ළමා චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට සහතිකපත් පිරිනැමීමේ උත්සවය අමතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්