ඊළඟ ජනාධිපතිවරණයට වත්මන් ජනපති ඉදිරිපත් වුවහොත් ජවිපෙ මැදිහත්ව නිසැකවම පරාජයට පත් කරනවා

  👤  2628 readers have read this article !
By mawbima 2017-10-18

අනුරාධා හේරත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස පෙනී සිටියහොත් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්ව නිසැකවම ඔහු පරාජයට පත් කරන බව එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා එහි සිටම ඊළඟ ජනාධිපතිවරණයේදී නැවත ඉදිරිපත්වීමේ සූදානමක සිටින බව ලාල්කාන්ත මහතා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නියමිත කලට පෙර මැතිවරණය පැවැත්වුවහොත් ඔහුද නිසැකවම පරාජයට පත්වන බව මෙන්ම ඔහු පරාජයට පත් කළේ තම පක්ෂය බවත් එය වත්මන් ජනාධිපතිවරයාද අවබෝධ කරගත යුතු බවත් හෙතෙම පැවැසීය. මේ වන විට ශ්‍රී ලනිපය බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව පවසමින් රට වටේ ගියද හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියද විධායක ජනපති ක්‍රමයට එරෙහිව කටයුතු කළ බව ඔවුන් තේරුම් ගත යුතු බවද ලාල්කාන්ත මහතා පැවැසීය.
ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවැසුවේ 2015 ජනවාරි 8දාට පෙරත් ඉන් පසුවත් අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිගේ දෙණ ඉදිරියේත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දුන් පොරොන්දුවලට පයින් ගසා කටයුතු කළ බවය. ඔහු එසේ කීවේ ඊයේ (17දා) කොළඹදී පැවැති සේවක සංගම් රැස්වීමකදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්